මීට වඩා හොඳට අපිටත් ලංකාව පාලනය කරන්න පුලුවන් – බංග්ලාදේශ මාධ්‍ය කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් තැති ගන්වන සුළු තත්වයක් පෙන්නුම් කරන බව බංග්ලාදේශයේ ඩකා ට්‍රිබියුන් පුවත්පත වාර්තා කරනවා. ආණ්ඩුවට ජාත්‍යන්තර ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කිසිදු දැනුමක් නොමැති බවත්, බොහෝ ගැටලුවලට හේතු වී තිබන්නේ එම අනවබෝධය බවත් එම පුවත්පත වැඩිදුරටත් පවසයි.

විදේශ විනිමය, රජය විසින් කෘත්‍රිමව පාලනය කිරීමට උත්සාහ කිරීම කිසිසේත් සුදුසු නොවන තත්වයක් බව පෙන්වා දෙන ඩකා ට්‍රිබියුන් පවසන්නේ එසේ කෘත්‍රිමව පාලනය කිරීමේ අහිතකර ප්‍රතිඵල විශ්ලේෂණය සඳහා ශ්‍රී ලංකාව ඉතා සුදුසු රටක් ලෙස හැඳින්විය හැකි බවයි.

ශ්‍රී ලංකා රජය ආරම්භ කළ කාබනික වැඩපිළිවෙල දැඩිලෙස විවේචනය කරන එම පුවත්පත පවසන්නේ විකල්ප පොහොර සපයා ගැනීම සහ ප්‍රමාණවත් භූමියක් තිබේද යන්න පිළිබඳව සලකා බැලීමකින් තොරව සමස්ත රටම එකවර කාබනික ගොවිතැනට යොමුකළ නොහැකි බවයි.

සියලු අර්බුද සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ පවතින රජයට වඩා හොඳින් ශ්‍රී ලංකාව පාලනය කිරීමට බංග්ලාදේශයට හැකියාව තිබෙන බවද එම පුවත්පත පවසනවා. අවාසනාවකට ජාත්‍යන්තර තත්වය අනුව යටත්විජිත සංකල්පය තවදුරටත් ප්‍රායෝගික නොවන බැවින් එවැනි හැකියාවක් නොමැති බව ඩකා ටිබියුන් වැඩිදුරටත් පවසනවා.

අදාල පුවත්පත් වාර්තාව මෙතැනින්…..

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...