සුදුලූණු වංචාව හෙලිකළ තුෂාන් ගුණවර්ධන එම වංචාවේම සැකකරුවෙක් – විදෙස්ගතවීමත් තහනම්

ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයට යාමට තමා උත්සාහ කළ නමුත් ඒ සඳහා අවස්ථාව හිමි නොවූ බව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසනවා. ඇමරිකාව බලා පිටත්ව යාමට සූදානම් වූ තමා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් රඳවාගත් බවයි ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ.

ඊට හේතුව ලෙස නිළධාරීන් සඳහන් කර තිබෙන්නේ තුෂාන් ගුණවර්ධන මහතා, වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ ක්‍රියාත්මක වන නඩුවක සැකකරුවෙකු ලෙස නම්කර ඇති බවයි. කෙසේ නමුත් ගුණවර්ධන මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා තමාව දැනුවත් කර නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ තමා විසින් රටට හෙළිකළ සුදුලූණු වංචාවේම සැකකරුවෙකු ලෙස තමා නම්කර ඇති බවයි. එය බරපතල ගැටලුවක් බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...