සමගි ජන බලවේගයේ පෙත්සම සලකා බැලීම මාර්තු 03

Date:

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

ඒ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමයි.

මාර්තු මස 09 වන දාට පෙර අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කැඳවන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කළ ඉල්ලීමකට අනුව එම නියෝග ලබා දී ඇත.

එම පෙත්සම අද (27) කැඳවනු ලැබූයේ එස් තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...