හිට්ලර්ගේ නම දාගෙන ගෝඨාභයට යන්න බැරි වුණා වගේ රනිල්ටත් බෑ තමයි – මුදලිගේ (VIDEO)

Date:

පසුගිය 23 වැනි දින බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වීම යුතු ඇතුළුවීමක් ලෙස දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62ක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අද ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් විය.

ඉන් අනතරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත මුදලිගේ පැවසුවේ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ගැටලුව සාකච්ජා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ තුන්වන මහලේ පයකට අසන්න කාලයක් රැදී සිටීමෙන් අනතුරුව පොලීසිය පැමිණ ඔවුන් එහි ප්‍රශ්නයක් නිර්මාණය කළ බවයි.

ඒ අනුව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඇතුළු සිසුන්ට බිමදාගෙන පහර දුන් බවත් බස් රථයට දමගෙනත් මාධ්‍ය නොමැති අවස්ථාවේ ඔළු පැලෙන තුරු පහර දුන් බවයි.

”ආණ්ඩුව විශ්ව විද්‍යාල පද්ධතිය අකර්මන්‍ය කරන්න බරපතල සැලසුමක් යනවා. දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ මර්දනයට විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට අඛණ්ඩව සටන් කරනවා. මොකද මේ වෙලාවේ රටේ හැමෝටම ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. වෘත්තිකයට ප්‍රශ්න,ධීවරයාට ප්‍රශ්න,ගොවියට ප්‍රශ්න,බදු ප්‍රශ්න. මේ රටේ ජනතාවට තුන්වේල කන්න බැරි තරම් ප්‍රශ්න. පහුගිය දවස්වල ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන් අත්අඩංගුවට අරන් ඉද්දි අපි දැක්කා පොලීසිය බොරු සාක්ෂි නිර්මාණය කරනවා. අද කරන්න ගියෙත් ඒක. ඊයේ කොළඹ තිබුණු සාමකාමී විරෝධයකට පහර දුන්නා. එක සහෝදරයෙක් මේ වෙද්දී ඝාතනය වෙලා තියෙනවා. ආණ්ඩුව ප්‍රශ්නවලට උත්තර දීලා තියෙන්නේ ඔහොම තමයි. ආණ්ඩුව මෙහෙම නම් යන්න හදන්නේ ඒක වෙන්නේ නැහැ කියල අපි කියනවා. මොකද හිට්ලර් කියල නම දාගෙන ගෝඨාභය රාජපක්ෂ යන්න හදපු ගමනම තමයි තෙපරබාමින් රනිල් වික්‍රමසිංහ යන්න හදන්නෙත්. රනිල් වික්‍රමසිංහටත් මේ ගමන යන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ රටේ අම්මා තාත්තට කියනවා මේ මර්දනයට එරෙහිව එකතුවෙමු සංවිධානය වෙමු.” යනුවෙන් මුදලිගේ වැඩිදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...