විශේෂ ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්

Date:

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දහවල් පැවැත්විණි.

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 05ක ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන්, බෝ නොවන රෝගවලින් පෙළෙන තැනැත්තන්, ආබාධිත පුද්ගලයන් සහ අඩු ආදායම්ලාභී පුද්ගලයන් 2300 දෙනෙක් වෙනුවෙන් දිනපතා පෝෂ්‍යදායී ආහාර වේලක් සපයා දීම සඳහා හුණුපිටිය ගංගාරම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන ක්‍රියාත්මක වේ.

ඊයේ දින එහි දායකත්වය සාගල රත්නායක මහතා විසින් භාරගෙන තිබූ අතර ප්‍රජා මුළුතැන්ගෙය වෙත පැමිණි ජනතාවට සිය සුරතින්ම ආහාර පිළිගැන්වීමට ඒ මහතා එක්විය.

හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින්වහන්සේ ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...