රනිල්ගේ ගැසට් අපිට වැඩක් නැහැ – හෙට අපේ සටන ක්‍රියාත්මකයි (VIDEO)

Date:

වරාය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර තිබුණද ප්‍රකාශ කර තිබෙන පරිදි හෙට (01) දිනයේ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකාන මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

ජනාධිපතිවරයාට ගැසට් ගැසීමේ බලයක් තිබුණද මහපොළවේ සහ ආයතනගත සේවක බලයක් ඔහුට නොමැති බවයි ගොරකාන මහතා කියා සිටියේ.

අත්‍යවශ්‍ය සේවා ගැසට් සමඟ ජනාධිපතිවරයා දැන් කිවයුත්තේ ගන්නා වැටුපෙන් ජනතාව ජීවත්වන්නේ කෙසේද යන්න බව ඔහු පැවසුවේය.

‘සෑම දෙයකම මිල ඉහළ ගොස් තිබෙන වෙලාවක බද්දක් ගහනවා මිනිස්සු තවදුරටත් කබලෙන් ලිපට වැටෙන්න. එහෙමනම් රනිල් වික්‍රමසිංහ කියන්න ඕනේ ගන්න වැටුපෙන් කොහොමද ජීවත් වෙන්නේ කියල. අත්‍යවශ්‍ය නිවේදන අපිට අදාළ නැහැ. අපිට ජීවත් වෙන්න ඕනේ. අපි අත් බැඳගෙන අකුලාගෙන ඉන්නේ නැහැ. හෙට අපේ සටන ක්‍රියාත්මකයි. වරාය සේවා අඩාල වෙනවා.මෙය අපේ කැමැත්ත නෙවෙයි.පාලකයින්ගේ ඉල්ලා සිටීම.”

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...