කාටවත් කොන්ට්‍රෝල් නැති ආර්ට්

Date:

පෝස්ට් මොඩර්න් ආර්ට් කියන්නෙ මහ අමුතු පහේ දෙයක්. ඒකට ඇත්තටම නියම කරන ලද විදියක් ඇත්තෙම නෑ. පෝස්ට් මොඩර්න් ආර්ට්වල තියෙන හයිලයිටඩ්ම පොයින්ට් එක ඒක. ‘ ප්‍රී – අජෙස්ටර්බල්’  විදියක් නැති වීම. තේරෙන බාසාවෙන් කිව්වොත්, චිත්‍රයක් අඳින්න නං කැන්වස් එකයි පින්සලයි තීන්තයි අවම වශයෙන් තියෙන්න ඕනෙ කියන එක බේසික් දෙයක්. හැබැයි දැන් ආර්ට් අඳින පොරවල්වලට මේවා අත්‍යවශ්‍ය නෑ. උන් ඉඳගෙන නෙවේ  නිදියගෙනත් චිත්‍ර අඳිනවා. ඒ නිසා ක්‍රියාවේ ආකෘති මාක් කරන්න බැරි කරපු පොරවල් තමා දැන් ඉන්නෙ.

Baltimoraව ඉම්ප්‍රෙස් කරපු ඒ වගේ කොන්සෙප්ට් එකක් ගැනයි මේ කියන්නෙ. ඇෆ්‍රිකන් ආර්ටිස්ට් කෙනෙක් වෙන අවුරුදු විසිගානක කොල්ලෙක් ඉන්නවා. මිනිහගෙ නම ‘බෞබෞ නිග්’. මෙයා අඳින්නෙ මිනිස් රූප. විශේෂයෙන්ම ෆේමස් හියුමන් ෆිගර්ස්. ප්‍රධාන කැරැක්ටරිස්ටික්ස් තුනක් මිනිහගෙ වැඩේ ඇතුළෙ පොප්- අප් වෙනවා. එක, පොර මේවා අවින්නෙ අප්සයිඩ් ඩවුන්. දෙක, පින්සලට පෑනට අමතරව ඒ ඒ ෆිගර් එකට විශේෂ වෙන ඔබ්ජෙක්ට් එකක් යූස් කරලා ආර්ට් කරන එක. උදාහරණයක් කිව්වොත්, මිනිහා එක වතාවක් අඳිනවා සෙරීනා විලියම්ස්ව. ටෙනිස් ක්වීන්ව. ඒකට පොර යූස් කරන්නෙ ටෙනිස් රැකට් එකයි, ටෙනිස් බෝල් එකයි. මේක තමා baltimoraව ඉම්ප්‍රෙස් වුණ තැන. තුන, ඇස් වහගෙන මේව අඳින එක. ඒ නිසාම ‘සන්ග්ලාස් ආර්ටිස්ට්’ කියල තමා පොරව ෆීල්ට් එකේ අඳුරන්නෙ. 

මේ ඔක්කොම පොලිසීස් ටික රැකගෙන අඳින රූපෙ එක පින්සල් පාරක්වත් වෙනස් වෙන්නෙ නැති විදියට අඳින එක තනිකරම සුපිරි වැඩක්. අතට අහු වෙන ඕනම ඔබ්ජෙක්ට් එකකින්, ඔව් ඕනම කියන්නෙ ඕනම ඔබ්ජෙක්ට් එකකින් සෙලිබ්‍රිටි පෝට්රේට් එකක් අඳින පොරක් තමා බෞබෞ කියන්නෙ. පොරගෙ තියෙන පැශන් එක ඒක. මිනිහා බියොන්සෙව අඳින්නෙ සපත්තුවක් යූස් කරලා. ස්ටීව් ජොබ්ස්ව අඳින්නෙ අයිෆෝන් එකක් යූස් කරලා. මිනිහ අඳින හැම එකක්ම මාස්ටර් පීස් එකක් වෙන්නෙ මේ යුනික්නස් එක නිසයි. මේ මනුස්සයා ආර්ට් එක කරන විදිය බලන් ඉන්න එක පුදුම ඉන්ටරෙස්ටින් වැඩක් ගයිස්. තනිකරම පොර කැන්වස් එකත් එක්ක කරන්නෙ මාර සෙන්සේශනල් වැඩක්. හරියට සෙක්ස් කරනවා වගේ. ඒ තරං පැශනේට්. ඒක සාම්ප්‍රදායික ඇඳීමේ කලාව සුණුවිසුණු කරලා දාන ඇඳිල්ලක්. 

‘bouboudesign’ කියලා ටික්ටොක් සර්ච් කරලා බලන්ඩ. නැතත් යූටියුබ් එකේ හරි. වාව් වෙලා යන වැඩ ටිකක් බලාගන්ඩ පුළුවන්.

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...