ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යය අලුත් ව්‍යවස්ථාවක් ගේන එක – ජී.ඇල්.

Date:

රටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යභාරය වන බව විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. ඉදිරි කාලය තුළදී එම කාර්යය සඳහා ප්‍රධාන තැනක් ලබාදෙන බවයි ඇමතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

මේ වනවිට රටේ ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 දී සම්මත කරගත් අතර මේ වනවිට ඊට අඩ සියවසකට ආසන්න කාලයක් ගත වී ඇති බවද ඇමතිවරයා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමේදී, අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරන බවට ජනතාවට පොරොන්දුවක් ලබාදුන් බවත්, ඉදිරි කාලය තුළ එම පොරොන්දුව ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවත් පීරිස් මහතා සඳහන් කරයි.

නව ව්‍යවස්ථාවක් කෙටුම්පත කිරීමට අදාලව පත්කර ඇති කමිටුව සිය අවසන් වාර්තාව සකස් කරමින් තිබෙන බවත් ඉදිරි දින කිහිපය තුළදී එය රජයට බාරදීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. ඉන් අනතුරුව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු පරම්පරා ගණනාවක් පවතින නීතියක් බැවින් ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවල, රටේ බහුතර ජනතාවගේ එකඟතාවය හිමිවිය යුතු බවත්, මේ නිසා නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සියලු දෙනාගේ සහභාගීත්වයෙන් සිදුකරන බවත් ජී.ඇල්. පීරිස් මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා...

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...