සීතල යුද්ධයක උණුසුම් මොහොතකට

Date:

රුසියානු ආක්‍රමණයක් පිලිබඳ අනතුරු ඇඟවීම් හේතුවෙන් එක්සත් රාජධානිය යුක්රේනයේ පිහිටි සිය බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීමට පටන් ගෙන තිබේ.

කාර්යාලීය නිලධාරීන් පවසන්නේ බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයින්ට නිශ්චිත තර්ජන කිසිවක් නොමැති නමුත් Kyiv හි සේවය කරන කාර්ය මණ්ඩලයෙන් අඩක් පමණ නැවත එක්සත් රාජධානියට පැමිණෙනු ඇති බවයි.

“ඕනෑම අවස්ථාවක” ආක්‍රමණයක් පැමිණිය හැකි බව පවසමින් ඇමරිකා එක්සත් ජනපදය සිය තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ පිරිස්වෙත පිටව යන ලෙස මේ වන විට නියෝග කර ඇත.

රුසියාව තමන්ට චෝදනා එල්ලවන මට්ටමේ මිලිටරි ක්‍රියාමාර්ග පිලිබඳව අදහස ප්‍රතික්ෂේප කර ඇතත් දස දහස් ගණනින් හමුදා භට පිරිසක් දේශසීමාවේ රැස්කරගෙන සිටිති.

තානාපති කාර්යාලයේ පියවර පූර්වාරක්ෂාව තත්වයක් වන අතර, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ නිශ්චිත ප්‍රතිචාර කිසිවක් පසුගිය පැය 24 තුළ සිදුවී නොමැත.

යුරෝපා සංගම් තානාපති කාර්යාලයේ සේවය කරන කාර්ය මණ්ඩලය දැනට එම ස්ථානයේ රැඳී සිටිනු ඇති අතර, යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් පවසන්නේ එවැනි තත්වයක් පිලිබඳව තමන් බලාපොරොත්තු නොවන බවයි.

එසේම ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, බල්ගේරියාව සහ නෙදර්ලන්තය ඇතුළු නේටෝ සන්ධානයේ සාමාජිකයින්, කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා නැගෙනහිර යුරෝපයට තවත් ප්‍රහාරක ජෙට් යානා සහ යුද නැව් යවමින් සිටිති.

රුසියානු හමුදා 100,000ක් පමණ දැන් යුක්රේන දේශසීමාවේ සිටින බවට ගණන් බලා ඇති අතර,නේටෝ ප්‍රධානියා යුරෝපයේ නව ගැටුම් ඇතිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.

2014 මුල් භාගයේදී යුක්රේනියානුවන් ඔවුන්ගේ රුසියානු ගැති ජනාධිපතිවරයා බලයෙන් පහ කළ විට, රුසියාව යුක්රේනයේ දකුණු ක්‍රිමියානු අර්ධද්වීපය ඈඳා ගත් අතර නැගෙනහිර යුක්රේනයේ විශාල ප්‍රදේශයක් අල්ලා ගත් බෙදුම්වාදීන්ට සහාය දුන්නේය.

14,000 කට වැඩි ජීවිත බිලිගත් ගැටුමකදී කැරලිකරුවන් යුක්රේන හමුදාවට එරෙහිව සටන් කළහ.

යුක්රේනයට ආසන්නව ස්ථානගත කර ඇති හමුදා සම්බන්ධයෙන් රුසියාව කිසිදු පැහැදිලි කිරීමක් කර නොමැති බව එක්සත් ජනපදය පවසයි .

රුසියානු හමුදා සහ යුද ටැංකි සිය යුධ අභ්‍යාස සඳහා බෙලරුස් වෙත ගොස් තිබේ.

රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙම වත්මන් තත්ත්වය එවකට එක්සත් ජනපදය හා සෝවියට් සංගමය න්‍යෂ්ටික ගැටුමකට ආසන්න වූ 1962 කියුබානු මිසයිල අර්බුදයට සංසන්දනය කරන්නට වූයේ පසුගිය දිනයකයි.

නමුත් බටහිර බුද්ධි අංශ යෝජනා කරන්නේ රුසියානු ආක්‍රමණයක් හෝ ආක්‍රමණයක් 2022 මුල් භාගයේදී සිදු විය හැකි බවයි.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...