සංචාරකයන් වෙනුවෙන් විශේෂ බලකායක් පිහිටුවීම කෙරෙහි අවධානය

Date:

සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහභාගීත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, පොලිස්පතිවරයා හා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්, සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.

මෙහි දී අමාත්‍යාංශ දෙකෙහි නිලධාරීන්ගෙන් හා උසස් පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂක කමිටුවක් පත් කිරීමටත්, අදාළ කමිටුව මගින් දෙසතියක් තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව වූ වාර්තාවක් අමාත්‍යවරුන් දෙපළට ලබාදීමටත් තීරණය කෙරිණ.

සංචාරක කලාප තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳව, විශේෂයෙන්ම රාත්‍රී කාලයේ දී සංචාරක අවන්හල් විවෘත කර තබන වේලාවන් දීර්ඝ කිරීම පිළිබඳව, සංචාරක කර්මාන්තය සඳහා වූ නව නීති සම්පාදනය කිරීම පිළිබඳව, සංචාරකයන් මුහුණ දෙන යම් යම් අර්බුදකාරී තත්ත්වයන්හි දී ක්ෂනිකව ක්‍රියාත්මක වන පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ බලකායක් පිහිටුවීම ඇතුළු තීන්දු රැසකට මෙම සාකච්ඡාවේ දී එළඹ තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...