ජනාධිපති සර්වබලධාරියා වී මැතිවරණ අයිතිය උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු වන වැදගත්ම ආයතනය ලෙස පළාත් පාලන ආයතනය හැඳින්විය හැකි බවත් මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක නොවී එයද විධායකයේ හස්තයක්ව පවතින අවස්ථාවක පළාත් පාලන මැතිවරණය ද නොපැවැත්වීම මෙරට මූලික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය විනාශ කිරීමක් ලෙස තමා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මැතිවරණය කල් දැමීමට සහ ජීවන වියදම ඉහල දැමීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයක් අතරතුරය.

පළාත් පාලන පැවැත්වීමට එල්ල කරන බාධා තුළින් ජන ජීවිතයට විශාල පහරක් එල්ල කරන බවත් ඒ තුළින් සිදු වන සේවාවන් පවා කඩාකප්පල් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා එහි දී පෙන්වා දුන්නේය.

මුදල් නොමැති බවට වන හේතුවක් දක්වමින් පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කරන වත්මන් රජය අනාගතයේ දී මුදල් නොමැති යැයි පවසමින් මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය වුවද කඩාකප්පල් කිරීමට සිදු කළ හැකි බවත් ජනාධිපතිවරයා රටේ සර්ව බලධාරියා බවට පත් වී ජනතාවගේ ඡන්ද අයිතිය පවා උල්ලංඝනය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...