දික් කසාද කතාවක් …

Date:

හැම සෙනසුරාදාවකටම විතරක් ලැබෙන දන්ඩන මුක්තියත් එක්ක ගේ පිටි පස්සේ මිදුලට වෙලා ආකාශ වස්තු නිරික්ෂනය කර කර ඉද්දී ලග පාතක ගෙදර මලයෙක් ඇවිදිං ඔලුව කකහා කෙදිරි ගානවා..

ඌට ගෑනි සැකයි ලු! ගෑනිගෙං දික්කසාද වෙන්ඩ ඕනැ ලු! ලමයි දෙන්නත් ඌ ම භාර ගන්නව ලු!

“ලමයි භාර අර ගෙන උන්ට කන්ඩ දෙන්නේ උඹේ *** විකුනලා ද? අනේ පලයං බං යන්ඩ” කියලා දෙකක් කියලා හරවලා ඇරියා..

ආරංචි කරලා බලනකොට උගේ ගෑනිත් දවස් දෙක තුනකට කලිං ඇවිදිං අපේ උන්දෑ හම්බ වෙලා ඒ වැඩේටම…. අපේ උන්දෑ කියලා ඩිවෝස් නඩුවක් දාන්ඩ දහ පහලොස් දාහක්වත් යයි. සල්ලිත් අරං ඇවිදිං මහත්තයා හම්බ වෙන්ඩ කියලා..

පහු වෙනිදා ඉදං මුං දෙන්නා ගෑනිගේම ස්කූටියේ නැගලා ජෝඩු දාලා යනවා මං බලා ගෙන…

ඊ ලග සතියේ සෙනසුරාදටත් අර වෙලාවටම අරූ ඇවිදිං ආයෙත් කෙදිරි ගානවා..ඌට හරිම අප්සැට් ලු..! එකට ඉන්ඩම බෑ ලු..

“අනේ මේ මේකෙං අඩියක් ගහලා ගෙදර ලිහිං බුදිය ගනිං … එතකොට ඔය අප්සෙට් එක නැතුව යයි” කියලා ෂොට් එකකුත් දීලා පොඩි පහේ දේශනේකුත් දීලා එදත් හරවලා ඇරියා..

ආයෙත් අලුත බැදපු ජෝඩුව වගේ දෙන්න ඩබල් එකේ එහේ යනවා..මෙහේ යනවා..ඌ හිතන්ඩ ඇති මං දැක්කේ නෑ කියලා..

සති දෙකයි ගියේ ආයෙත් මූ එනවා..

මූ එන්⁣නෙම සෙනසුරාදට… හරියට මං අඩියක් ගහන්ඩ ඉඳ ගන්නකොට…

“හරි මං ඩිවෝස් එක අරං දෙන්නං … කසාද සහතිකෙයි රුපියල් 25,000 කුයි අරං වරෙං” කියලා අවසාන නිවේදනය කලා..

දැං මාස දෙකක් විතර ගියා. දෙන්නා හෙන ජොලියේ එහේ මෙහේ යනවා.. මූනට හම්බ වුනාමත් අහක බලාන යනවා..

මං හිතන්නේ ඌට ආයේ කවදාවත් දික්කසාද වෙන්ඩ හිතෙන එකක් නෑ ..!!

~ නීතීඥ වසන්ත සිරි වටගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...