මැතිවරණ කොමිසමෙන් ජනපති රනිල්ට ලිපියක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබේ.

ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අදාළ ලිඛිත ඉල්ලීම යොමු කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ.

මීට පෙර මෙම මැතිවරණය සඳහා මුදල් නිකුත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණු නමුත් එම ලේකම්වරයා කොමිසමට දැනුම් දී තිබුණේ පවතින මූල්‍ය තත්වය අනුව තමන්ට ඒ සම්බන්ධයෙන් සෘජු තීරණ ගැනීමට නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවිය යුතු බවත් ය.

ඒ නිසා අදාළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කළ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් අලුතින් නියම කරන ලද දිනවලදී (28 – 31) තැපැල් ඡන්දය පැවැත්වීමට නොහැකි වන තත්වයක් උද්ගත වෙමින් පවතින බව ඊයේ (12) දිනයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...