බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකට එරෙහිව විමර්ශනයක්

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් තුළ බිළිඳෙකු දමා යාමේ සිද්ධියට අදාළව එම බිළිඳාගේ මව අත් අඩංගුවට ගැනීමේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝග අනුව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය විසින් මෙම පරීක්ෂණය සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව එම අත් අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම, විමර්ශනයේ තොරතුරු පිළිබඳ සැලකිලිමත් වීමකින් තොරව එම කාන්තාව අපහසුතාවට පත්වන අන්දමින් කටයුතු කිරීම, ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ නොතකා කටයුතු කිරීම යන චෝදනා යටතේ මෙම පරීක්ෂණය සිදුකෙරේ.

මෙම බිළිඳාගේ මව පසුගිය 11 වනදා අත් අඩංගුවට ගෙන තිබුණු අතර මාධ්‍ය වාර්තාකරුවන් ද ඉදිරියේ ඇයගෙන් ප්‍රශ්න කරමින් අනීතික ලෙස ඇයව දැඩි අපහසුතාවට පත්වන ආකාරයට මෙම පොලිස් නිලධාරියා කටයුතු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘කයිවාරු මුතු’ට පැය 72ක රැඳවුම් නියෝගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු...

ගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න – පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්

ගම්පහ හිටපු මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට එරෙහිව පොලිස්පති ප්‍රියන්ත...

කොළඹ සුනාමිය ….

මම හිතන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට කාලගුණ - දේශගුණ...

නීති සම්පාදනයේදී පිටකොටුවේ සේල් කඩේක වගේ හැසිරෙන්න එපා – පෙසප ජනපති අනුරගෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකට...