ඛාන් අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලීසිය හා ආධාරකරුවන් අතර ගැටුම්

Date:

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දූෂණ සහ ත්‍රස්තවාදී නඩු සම්බන්ධයෙන් ඊයේ(13)දිනයේදී ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙක භාර දීමට පෙර නැගෙනහිර ලාහෝර් නගරයේදී ඛාන්ගේ නිවස අසල පාකිස්තාන තහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ සාමාජිකයින් ආධාරකරුවන් හා පාකිස්තාන පොලිසිය අතර ගැටුම් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙහිදී ඛාන්ගේ ආධාරකරුවන් වසින් පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කර කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. මෙහිදී හිටපු අගමැතිවරයා ට්විටර් හි වීඩියෝ පණිවිඩයක් පළ කරමින් කියා සිටියේ, ඔහු අත්අඩංගුවට ගන්නේ නම් සැබෑ නිදහස වෙනුවෙන් සිය ආධාරකරුවන්ට සටන් කරන ලෙසයි.
එහි එක් වරෙන්තුවක් සිය දේශනයකදී විනිසුරුවරියකට තර්ජනය කිරීම සම්බන්ධයෙන් වන අතර අනෙක 018 සිට 2022 දක්වා ඔහු දැරූ තනතුරක් වන අගමැති ධුරයේ සිටියදී රාජ්‍ය ත්‍යාග විකුණා වත්කම් සඟවා තැබූ බවට වූ චෝදනාවයි.

පසුගිය අප්‍රේල් මාසයේදී විශ්වාසභංගයකින් ඔහු ධුරයෙන් නෙරපා හැරීමත් සමඟ හිටපු අගමැතිවරයා රට පුරා විරෝධතාවයන් පවත්වමින් නව මැතිවරණයක් ඉල්ලා සිටින්නට විය. මෙහිදී හිටපු අගමැතිවරයා තමාට එරෙහි නඩු දේශපාලන අරමුණු මත පවතින ඒවා බව ඔහු පවසා තිබේ. නොවැම්බරයේ පැවති රැලියක් අතරතුර හිටපු අගමැතිවරයාගේ කකුලට වෙඩි වැදීමෙන් පසු ඛාන්ගේ පක්ෂය ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටුලු මතුවිය. මෙහිදී හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ සිය නඩු වෙනුවෙන් අධිකරණයේ පෙනී සීටීමට යාම තම ජීවිතයට තර්ජනයක් බවයි


සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාස පහයි පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:වසරේ ගෙවුණු මාස 05ක කාලය තුළ අල්ලස් හෝ...

ඇමරිකාව සමග වෙළඳ ගනුදෙනු සිදු කරන රටවලට චීනයෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ඇමරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේදී චීනයේ...

අපි ඇවිල්ලා බංකොලොත්භාවයෙන් මේක මුදාගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කළා. ආර්ථිකය ස්ථාවර කළා – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල මෙවර අයවැයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන...

HNB ඇෂුවරන්ස් අභියෝගයකින් තොරව වෙළද සේවා ක්‍රිකට් සූරතාවය දිනයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ අනුග්‍රහයෙන්...