ඛාන් අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලීසිය හා ආධාරකරුවන් අතර ගැටුම්

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දූෂණ සහ ත්‍රස්තවාදී නඩු සම්බන්ධයෙන් ඊයේ(13)දිනයේදී ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙක භාර දීමට පෙර නැගෙනහිර ලාහෝර් නගරයේදී ඛාන්ගේ නිවස අසල පාකිස්තාන තහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ සාමාජිකයින් ආධාරකරුවන් හා පාකිස්තාන පොලිසිය අතර ගැටුම් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙහිදී ඛාන්ගේ ආධාරකරුවන් වසින් පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කර කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. මෙහිදී හිටපු අගමැතිවරයා ට්විටර් හි වීඩියෝ පණිවිඩයක් පළ කරමින් කියා සිටියේ, ඔහු අත්අඩංගුවට ගන්නේ නම් සැබෑ නිදහස වෙනුවෙන් සිය ආධාරකරුවන්ට සටන් කරන ලෙසයි.
එහි එක් වරෙන්තුවක් සිය දේශනයකදී විනිසුරුවරියකට තර්ජනය කිරීම සම්බන්ධයෙන් වන අතර අනෙක 018 සිට 2022 දක්වා ඔහු දැරූ තනතුරක් වන අගමැති ධුරයේ සිටියදී රාජ්‍ය ත්‍යාග විකුණා වත්කම් සඟවා තැබූ බවට වූ චෝදනාවයි.

පසුගිය අප්‍රේල් මාසයේදී විශ්වාසභංගයකින් ඔහු ධුරයෙන් නෙරපා හැරීමත් සමඟ හිටපු අගමැතිවරයා රට පුරා විරෝධතාවයන් පවත්වමින් නව මැතිවරණයක් ඉල්ලා සිටින්නට විය. මෙහිදී හිටපු අගමැතිවරයා තමාට එරෙහි නඩු දේශපාලන අරමුණු මත පවතින ඒවා බව ඔහු පවසා තිබේ. නොවැම්බරයේ පැවති රැලියක් අතරතුර හිටපු අගමැතිවරයාගේ කකුලට වෙඩි වැදීමෙන් පසු ඛාන්ගේ පක්ෂය ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටුලු මතුවිය. මෙහිදී හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ සිය නඩු වෙනුවෙන් අධිකරණයේ පෙනී සීටීමට යාම තම ජීවිතයට තර්ජනයක් බවයි


සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...