අද දිනයේ ඩොලරයේ මිල තවදුරටත් ඉහළට !

අද (15) දිනයේදී වාණිජ බැංකුවලින් නිකුත් කර ඇති විනිමය අනුපාත සටහන් අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල හා විකුණුම් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති ආකාරයක් පෙන්නුම් කෙරේ.

ඊයේ (14) දිනයේදී ලංකා බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 320ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 340ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 326 ක් සහ රු. 344 ක් දක්වා වැඩිවී ඇත.

ඊයේ දිනයේදී සම්පත් බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 320ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 335ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 330 ක් සහ රු. 345 ක් දක්වා වැඩිවී ඇත.

ඊයේ දිනයේදී මහජන බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.41ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 339.17ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 325.26 ක් සහ රු. 344.31ක් වශයෙන් වැඩිවී ඇත.

ඊයේ දිනයේදී හැටන් නැෂනල් බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 320ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 335ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 327 ක් සහ රු. 342 ක් දක්වා වැඩිවී ඇත.

ඊයේ දිනයේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.85ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 340.85ක් ලෙසත් දැක්වුණු අතර අද දිනයේදී එම මිල ගණන් පිළිවෙලින් රු. 322.80 ක් සහ රු. 344.86 ක් දක්වා වැඩිවී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...