ජනාධිපති ලේකම්ගේ ලිපිය වැඩ වර්ජනයේ සැර බාල කරයි!

Date:

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස අද (15) දින ජාතික මට්ටමින් ගෙන ගිය වැඩවර්ජන ක්‍රියාමාර්ගයන්හි තීව්‍රතව අඩු කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් පවත්වනු ලබන මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ අද ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිත යෝජනාවලියක් ලැබුණු බවත් එය ධනාත්මක කාරණයක් ලෙස සලකා මාතෘ භූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් උක්ත තීරණය ගත් බවයි.

”සියලු වෘත්තීය සමිති එකතුවෙලා රටම අකර්මන්‍ය වෙන වර්ජනයක් කළා. අද උදෑසන ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යෝජනාවලියක් ලැබිලා තියෙනවා. අපේ යෝජනාවලට ඇහුම්කන් දෙන්න සූදානම් කියලා තියෙනවා. එක කකුලක්වත් ගන්න බෑ කියපු ආණ්ඩුව අඩි දෙක තුනක් පස්සට ගිහින් තියෙනවා. අපි දකිනවා මේක ධනාත්මක කාරණයක් විදිහට.මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් තීරණයක් කළා.මෙතෙක් පවත්වාගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගවල තීව්‍රතාව අඩුකරන්න ඒකමතිකව තීරණය කළා.ක්‍රියාමාර්ග කිසි ලෙසකින් නවත්වන්නේ නෑ.ආණ්ඩුවට යම් ඉඩක් ලබාදෙනවා.එළඹෙන සතියේ ජනාධිපතිවරයා එක්ක සාකච්ඡාවක් ලබාදීලා තියෙනවා. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක වැඩ වර්ජනය හෙට උදෑසන 08න් අවසන් කරන බවයි විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...