නව දිවාසැරි හූනන් විශේෂ දෙකක් සොයා ගැනේ

Date:

අම්පාර දිස්ත්‍රික්කයේ (වියලි කලාපයේ) පිහිටා තිබෙන ඇතාගල වනාන්තරය තුලින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ (අතරමැදි කලාපයේ) පිහිටා තිබෙන ගල්ගිරිය වනාන්තරය තුලින් අලුත් දිවාසැරි හූනන් දෙදෙනෙකු (Cnemaspis ඝනයට අයත්) අද දින විද්‍යාත්මක ලෝකයට හඳුන්වා දීමට හැකිවී ඇත.

ඇතාගල වනාන්තරය තුල දක්නට හැක්කේ ජයවීරගේ දිවාසැරි හූනා වන අතර, ගල්ගිරිය වනාන්තරය තුල දක්නට හැක්කේ නානායක්කාරගේ දිවාසැරි හූනා වේ. මෙම සතුන් දෙදෙනා ඉහත කී හුදකලාවූ කඳුකර වනාන්තර දෙකට පමණක් සීමාවී තිබෙන බව පුදුම දනවන කරුණකි.

වර්තමානය වනවිට මොවුන්ගේ ගහන ගණත්වය ඉතා අඩු මට්ටමක පවතින බැවින්ද පැතිරීම සීමාසහිතවූ නිසාද දැඩිලෙස තර්ජනයට ලක්වූ විශේෂ දෙකක් බව පර්යේෂණය තුලින් හඳුනාගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...