අතිරික්ත සේ සලකනවා. පඩි නෑ – වැඩවර්ජකයින් ගැන තීන්දුව කම්කරු ඇමති කියයි !

Date:

තම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සේවකයින්ගෙන් පෙරේදා (15) වැඩවර්ජනයට සම්බන්ධ වූ අයට එදිනට වැටුප් නොගෙවන අතර ඉදිරියේදී ඔවුන් අතිරික්ත සේවකයින් සේ සලකා කටයුතු කිරීමට අදහස් කරන බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයෙන් වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයින් 40% ම අතිරික්ත සේවකයින් සේ සැලකීමට රජය තීරණය කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

“අපේ රටේ දේශපාලකයෝ වෙලාවකට කම්කරුවෝ පාවිච්චි කරනවා තමන්ගෙ පැවැත්මට. වෙලාවකට ජාතිය, ආගම පාවිච්චි කරනවා තමන්ගෙ පැවැත්මට. වෘත්තීය සමිතිත් තමන්ගෙ පැවැත්මට වෙලාවකට පාවිච්චි කරනවා කාන්තාවො, සේවකයො. දැන් මේ 15 පාරට බැස්ස හැමෝම පාරට බැස්සෙ හැමෝටම බදු වදින නිසාද ? නෑ … බදු වදින්නෙ ලංකාවෙන්ම 85,000 කට විතරයි. වහපු වරායෙන් පාඩුව බිලියන ගාණක්. වරාය වස්සපු ප්‍රධානියාගේ පඩියෙන් බදු කැපෙන්නේ රු. 1,250 යි. ලංවිම වැඩ අඩපණ කළා. ඒ අයට නම් ටිකක් ලොකු ගාණක් කැපෙනවා, මොකද ඒ තරම් අතිවිශාල පඩි. සේවය වාර්තා කරලා තිබුණා 60%ක්. ඒත් හැබැයි ආයතනය දිව්වා. 40%ක් ආවෙ නෑ. ඒ 40% අතිරික්ත සේවකයින් හැටියට අපි රජය තීරණය කළා. එතකොට ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන් විදුලිබල මණ්ඩලය සේවකයින් 40%ක් අයින් කරලා අපට. අපේ ආයතනවලත් 15 ආවෙ නැති අයට පඩි දෙන්නෙ නෑ. ඉස්සරහට කල්පනා කරනවා ඒ ගාණෙන් අපට ආයතන දුවන්න පුළුවන් කියලා”

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...