රාජ්‍ය ආයතන 40කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමේ සැලැස්මක්!

Date:

ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමට අපේක්ෂිත විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවක් ලබන 20 වනදා පැවැත්වෙණා අතර එහිදී ගන්නා තීරණ දැනුම්දීම සඳහා ලබන 21 වනදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියාද එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම විස්තීරණ ණය පහසුකම අනුමතවීමෙන් පසු මේ වසරේ සිව්වන කාර්තුවේදී මෙරට ආර්ථිකය ස්ථාවරත්යට පත්වන බවයි.

විස්තීරණ ණය පහසුකම් ලැබීමෙන් පසු රජයේ ආර්ථික සැලසුම් මොනවාදැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙවැනි ප්‍රකාශයක්,

“අපි විශාල කැපකිරීමක් කළා. 20 වනදා අනුමැතිය ලැබෙයි. පළවෙනි වාරිකය ලෙස මාර්තු මාසය තුළම ඩොලර් මිලියන 330කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලැබෙනවා.රජය ප්‍රතිපත්තිය ලෙස පිළිගන්නවා.. රජය තවදුරටත් ව්‍යාපාර කටයුතුවල නියැලෙන්න හොඳ නැහැ. අපි නැවත කිසිම රාජ්‍ය ව්‍යාපාරයක් රාජ්‍ය මැදිහත්වීම තුළ ආරම්භ කරන්නේ නැහැ. දැනට ක්‍රියාශිලීත්වය අතින් පහළම මට්ටමක තිබෙන රාජ්‍ය ආයතන සියල්ල 40කට වඩා වැඩි ප්‍රමාණයක් හඳුනගෙන තිබෙනවා. ඒ සියල්ල මුදල් අමාත්‍යාංශය යටතට අරගෙන ඒවා වසා දමන්න අවශ්‍ය වැඩකටයුතු කරනවා. දැනට මේ ආයතනවල ඉන්න අයට කිසිඳු අසාධාරණයක් සිදුනොවෙන්න අපි කටයුතු කරනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...