අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ සැබෑ මිතුරන් ලෙස සිටීම වැදගත් – එස් ජයශංකර්

Date:

නවදිල්ලියේ පැවැති ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසා සිටියේ රුධිරය ජලයට වඩා ඝන සේම දුෂ්කර කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ස්වභාවික බවයි. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දියාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛි ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අර්බුදකාරී අවස්ථාවලදී, ඉන්දියාව සිය අසල්වැසියා පළමුවෙන් යන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් එම රටවල් සමඟ එක්ව සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී සඳහන් කළ බවයි .

මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව අභියෝගය ජය ගනු ඇතැයි සෑමවිටම විශ්වාස කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සඳහන් කළ අතර මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමඟ සැබෑ මිතුරන් ලෙස සිටීම වැදගත් බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් එහිදී පවසා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...

රනිල්ව අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාත් විරෝධය පළකරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...