පුරවැසියෙක් ලෙස නැගීසිටිනවාද? නැතහොත් යටත් වැසියෙක් ලෙස ජීවත් වනවාද? තීරණය ඔබේ අතේ – ඩලස් අලහප්පෙරුම

Date:

නිදහස ජනතා සන්ධානයේ ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රධානම මරමස්ථාන වෙත අත තබමින් සිටින බවයි.

පළමුව මැතිවරණ කොමිසමට, දෙවනුව අධිකරණයටත් , ඊළග ඉලක්ක වන්නේ මාධ්‍යයට යැයි අලහප්පෙරුම මහතා පවසයි .

ජනාධිපතිවරයා විසින් මේ ගෙන යන ක්‍රියා දාමයට එරෙහිව , පක්ෂ පාට බේදයකින් තොරව ඊට මුහුණ දිය යුතු බව කී ඒ මහතා පුරවැසියෙක් වී සටන් වදිනවාද එසේත් නැතිනම් යටත්වැසියෙක් වී සිටිනවාද යන්න තීරණය කළ යුතුව ඇති බවද ඒ මහතා කී ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් ජනාධිපතිවරයා විසින් බුල්ඩෝසර් කරමින් සිටින බවයි .

ඉදිරි සතියේදී ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරු වරුන් තුන්දෙනකු කැඳවීමට සැරසෙමින් සිටින බව කී ඒ මහතා එසේ ගෙන්වීමට සූදානම් වන්නේ පළාත් පාළන මැතිවරණය පැවැත්විය යුතුයි කී විනිසුරු වරුන් බවත් පැවසීය .

අතීතයේ දවසක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එම වැරැද්දම කළ බවත් අදටත් එම ක්‍රියාවෙන් වූ විනාශයෙන් ගොඩ ඒමට නොහැකිව සිටින බවද පැවසීය .

එබැවින් ඔහු අවධාරණයෙන් කියා සිටියේ ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා පටිපාටියට එරෙහිව නැගීසිටිය යුතු බවත් මේ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය වලදමන්නට කරන්නා වූ මේ වැඩපිළිවෙළට එරෙහිව පෙළගැසිය යුතු බවයි .

සමස්ථ දේශයම යට කරගෙන යමින් සිටින මෙම මහා බුල්ඩෝසරයට එරෙහිව පාට පක්ෂ භේද පසෙකලා පුරවැසියෙක් ලෙස නැගීසිටිනවාද නැතහොත් යටත් වැසියෙක් ලෙස ජීවත් වනවාද යන තීරණ දෙකෙන් එකක් තෝරා ගත යුතු බව අලහප්පෙරුම මහතා පැවසීය .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ලංකාව අහක බලාගෙන ඉන්න පයේ හැපෙන ඉල්ලම් ගොඩ

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: ශ්‍රී ලංකාව කාටවත් දෙවැනි...

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...