*
Saturday, January 11, 2025
spot_img

Latest Posts

නිදහස ජනතා සභාවෙන් ජනපතිට ලිපියක්

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තුන්දහසකට (3000) අධික රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවක පිරිසක් ජනවාරි මස 21 වැනි දින නාම යෝජනා පත් භාර දුන් අතර අතිශය දුෂ්කර ආර්ථික කොන්දේසි මධ්‍යයේ ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් වැටුප් රහිත නිවාඩු ලබා ගත් රාජ්‍ය සේවකයන්ට අත්විඳීමට සිදුව ඇති අප්‍රසන්න වූ ද අයුක්තිසහගත වූ ද කඨෝර අත්දැකීම් පැහැදිලි කරමින් එම ලිපිය යොමු කිරීමට ප්‍රධාන හේතු සාධය වී ඇත.

එම ලිපිය පහතින් ?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ,

ජනාධිපති, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ගරු ජනපතිතුමනි,

පළාත් පාලන මැතිවරණයේ ගොදුරක් වූ රාජ්‍ය සේවකයන්ට සහන සැලසීම.

2023 මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිත වූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තුන්දහසකට (3000) අධික රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවක පිරිසක් ජනවාරි මස 21 වැනි දින නාම යෝජනා පත් භාර දුන් බව ගරු ඔබතුමා ද පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු අගමැතිතුමා ද මැනවින් දන්නා කරුණකි. මෙම රාජ්‍ය නිලධාරීන් පිරිස, ඔබතුමා දේශපාලන නායකත්වය සපයන එජාපය ඇතුළු පිළිගත් දේශපාලන පක්ෂ 48 ක් ද ස්වාධීන කණ්ඩායම් ද නියෝජනය කරන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මැතිවරණ නීතිය ප්‍රකාරව සියලු දෙනා වෙත වැටුප් රහිත නිවාඩු අනුමත කර තිබුණි. සති 7 ක කාලයක් සඳහා වැටුප් රහිතව ජනතා සේවයට කැප වීමේ ආදර්ශය ලබා දීම, කුමන පක්ෂයක් නියෝජනය කළ ද ඔවුන් ගේ අභිලාෂය වූ බව නිසැකය.

එහෙත්, අවාසනාවකට මැතිවරණ දිනය අප්‍රේල් 25 දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කළ නමුදු අද, (මාර්තු 21) දින වන විට, එය ද දින රහිත මෙන්ම වගකීම් රහිත රාජ්‍ය ලියවිල්ලක් බවට පත්ව තිබේ. ගරු ජනාධිපතිතුමනි, ප්‍රජාතන්ත්‍රවාදය කවන්ධයක් බවට පත් වීමේ ඛේදවාචකය පිළිබඳ සාකච්ඡාවකට වඩා මෙම ලිපිය මගින් මා ඔබතුමන් ගේ අවධානය කැඳවන්නේ, අතිශය දුෂ්කර ආර්ථික කොන්දේසි මධ්‍යයේ ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් වැටුප් රහිත නිවාඩු ලබා ගත් රාජ්‍ය සේවකයන්ට අත්විඳීමට සිදුව ඇති අප්‍රසන්න වූ ද අයුක්තිසහගත වූ ද කඨෝර අත්දැකීම් පිළිබඳවයි.

මොවුන් සියලු දෙනා එකතුව ඇප මුදල් වශයෙන්, භාණ්ඩාගාරය තුළ තැන්පත් කොට ඇති මුදල රුපියල් කෝටි එකහමාරකට ආසන්න බව මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔබතුමන්ට සිහිපත් කිරීම අවශ්‍ය නොවන නමුදු නිවාස ණය ඇතුළු විවිධ මූල්‍ය ආයතන වෙත ණය වාරික ගෙවන අතරතුර මූලික වැටුප පවා මාස ගණනාවකට අහිමිවීම ඔවුන්ගේ රාජකාරි ඉතිහාසය තුළ බරපතළ ඛේදවාචකයක් බව කිව යුතුව තිබේ. එබැවින්, 2018 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් යාමෙන් පසුව උද්ගත වූ තත්ත්වය තුළ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ පූර්වාදර්ශය අනුව යමින්, නොපමාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉහළ කැපකිරීමක් කළ දහස් ගණනක් වූ මෙම පිරිස ගැන මෙම සතිය තුළ දී තීරණයකට එළඹීම, ජනාධිපතිවරයා වශයෙන් ඔබතුමාගේ ද මහජන නියෝජිතයන් වශයෙන් අප සැමගේ ද බැහැර කළ නොහැකි ප්‍රමුඛ වගකීමකි.

එම නිසා, එහි පළමු පියවර වශයෙන්, රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන මගින් ඔවුන් ලබාගෙන ඇති ණය වාරික ගෙවීම තාවකාලිකව අත්හිටුවීම යුක්තිසහගත බව මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔබතුමා වෙත කාරුණිකව යෝජනා කරමි. ගරු ජනාධිපතිතුමනි, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ කැපවීමක් උදෙසා රාජ්‍යයෙන් පුරවැසියාට හිමිවිය යුත්තේ ගෞරවය සහ කෘතවේදීත්වය මිස අවමානය හෝ අගෞරවයක් නොවන බවට පුරවැසි සමාජයේ හෝ දේශපාලන පක්ෂ අතර විවාදයක් තිබිය නොහැක.

බෙහෙවින්ම ස්තූතියි, මම, ඩලස් අලහප්පෙරුම (පා.ම.)

2023 මාර්තු 21 දින දීය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan