අනුර කුමාර තමයි අපේ රටේ දියසෙන් රජ්ජුරුවෝ. එතුමාට අවස්ථාව දෙන්න – මිත්‍ර කපුගේ (VIDEO)

0
1400

අනුර කුමාර දිසානායක යනු මෙරට පහළ වී සිටින දියසේන රජතුමා බවත් එතුමාට රට පාලනය කිරීමට අවස්ථාව දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් දිවංගත ප්‍රවීණ ගායන ශිල්පී ගුණදාස කපුගේ මහතාගේ පුත්‍රයා වන මිත්‍ර කපුගේ මහතා පවසයි.

“දැන් මේ ගීතයේ කියනවා එක තැනක දියසෙන් රජු ආවෙත් නැත – එයින් දැවුණි සිත කියලා. ඔබට මං ව්‍යංගයෙන් කියන්නම් අපේ රටේ දියසෙන් රජ්ජුරුවෝ කෙනෙක් ඉන්නවා. එතුමාට අවස්ථාව දෙන්න. ඒ වෙන කවුරුත් නෙවෙයි අනුර කුමාර දිසානායක. අපේ දියසෙන් කුමාරයා. ජයවේවා !”

මිත්‍ර කපුගේ මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමිනි.

RN