*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ජාතික පාසල් සඳහා ළමයින් ඇතුලත් කර ගැනීම තවමත් හොර පාරේ! ඇමති පුතාගේ කල්ල මරේ!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ජාතික පාසල් සඳහා දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා විෂයභාර අමාත්‍යවරයා විසින් විවිධ චක්‍රලේඛණ ඉදිරිපත් කර තිබුණ ද, තවමත් අවිධිමත් ක්‍රම හරහා ජාතික පාසල්වලට දරුවන් ඇතුළත් කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය අවධාරණය කරන්නේ මෙම ජාවාරම පිටුපස ඇමති කාර්යය මණ්ඩලය ද සිටින බවට සැක පලකරන බවයි.

ඒ අනුව, මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදුකොට නිසි ක්‍රියාමාර්ග ගන්නා මෙන් විෂයභාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ද එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

ඒ පිළිබඳව එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය පහතින්:

ජාතික පාසල් සදහා ළමයින් ඇතුලත් කර ගැනීම සදහා අමාත්‍යවරයා විසින් විවිධ චක්‍රලේඛණ නිකුත් කර තිබුණද තවමත් හොරපාරෙන් ජාතික පාසැල් සදහා ළමයින් ඇතුලත් කරමින් සිටන බවට අප සංවිධානයට තොරතුරු වාර්තා වී ඇත. උද්ධමනය ඉහළ ගොස් ජනතාව අමාරුවෙන් ජීවත්වන මෙම වකවානුවේ සාධාරණ ක්‍රමයකට ජාතික පාසැල් සදහා හෝ ළමයින් ඇතුලත් කර ගැනීමට කටයුතු කරාවියයි ජනතාව බලාපොරොත්තු වුවද සමාජයේ ධනවත් පුද්ගලයින්ගේ හා අමාත්‍යවරයාගේ හිතවතුන්ගේ ළමයින් ජාතික පාසල්තුලට ඇතුලත් කර ඇති බව අප විසින් කරන ලද සොයා බැලීමකදී තහවුරු විය.

අධ්‍යාපන ඇමතිවරයා ජාතික පාසැල් සදහා ළමයින් ඇතුලත් කර ගැනීම පිළිබදව දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී බණ දේශනා කලද සිදුවන්නේ වෙනත් දෙයක් බව නොදැනීම කණගාටුවට කරුණකි.මීට පෙරද මෙම අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ජාතික පාසල් සදහා ළමයින් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිදට චෝදනා එල්ලවිය.

තම දරුවන් ජාතික පාසල් සදහා ඇතුලත් කර ගැනීම සදහා සාධාරණ අයිතියක් මේ රටේ දෙමාපියනට ඇති අතර එම  අවස්ථාව නැතිකර දමමින් ඇමති පුතාලාගේ මල්ල තර කර ගැනීමට කටයුතු කිරීම අප සංවිධානය තරයේ හෙළා දකිමු.

අනීතික ලෙස ජාතික පාසල් සදහා ඇතුලත් කර ඇති ළමයින් පිළිබදව හා ජාතික පාසල් සදහා ළමයින් ඇතුලත් කර ගැනීමට මුදල් ඉල්ලා සිටින හඩපට අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් අප විසින් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියද ඔහු විසින් එම අවස්ථාව මගහරවන ලදී. ඒ අනුව අප සංවිධානය සැකකරනුයේ මෙම ජාවාරම පිටුපස ඇමති කාර්යය මණ්ඩලයද ඇති බවයි. කෙසේ වෙතත් අප අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම සැකය පිළිබදව සාධාරණ පරීක්ෂණයක් සිදුකොට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan