මඩ පොහොර ප්‍රමාණයෙන් 25% පමණ මේ වනවිට බෙදා අවසන් – කෘෂිකර්ම අමාත්‍යාංශය

සටහට – රෂිකා හෙන්නායක

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ ගොවීන්ට නොමිලේ ලබා දෙන මඩ පොහොර ප්‍රමාණයෙන් 25% පමණ මේ වනවිට බෙදා අවසන් බවයි. මේ වනවිටත් ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට එම මඩ පොහොර බෙදා දුන් බව එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසූ අතර ,ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම මඩ පොහොර ගොවීන්ට ලබාගත හැකි බව ඔහු කීය.කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ , යූරියා පොහොර මෙට්‍රික්ටොන් 35,000 ක පමණ ප්‍රමාණයක් දැනට මෙරට පවතින බවත් මෙට්‍රික්ටොන් 30,000 ක පමණ ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...