ඇමතිවරයාගේ මංකොල්ලයක් – ඛනිජ තෙල් පොදු සේවක සංගමය

Date:

සටහන – රෂිකා හෙන්නායක

ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බවයි .මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිත බව එහි සභාපති අශෝක රංවල මහතා සඳහන් කළේය.

පාඩු ලබන තෙල් සංස්ථාව, ජනතාව මත අසීමිත බරක් පටවලා අද වෙනකොට ලාභ ලබන මට්ටමට ගෙනැල්ලා තියෙනවා. දැන් මේ ඇමතිවරයාම උත්සහ කරනවා මේ ආයතනය පෞද්ගලික කරන මුවාවෙන් තමන්ගේ හිතවත් සමාගම් වලට මේක මංකොල්ලයක් විදියට දීලා දාන්න. ඒක නිසා ඛනිජ තෙල් සේවකයෝ විදියට අපේ වෘත්තීය සමිතිය තීරණය කළා සියලුදෙනාම එකාවන්න එකතු වෙලා අද දවසේ අපි මේ ගැන කතා කරලා තීරණය කර ගන්නේ කොහොමද මේ අත්තනෝමතික අදූරදර්ශී මේ රාජ්‍ය දේපළ පවරා ගන්න උත්සහය පරාද කරන්නේ කියලා. කරන්න පුළුවන් උපරිම බලපෑම කරලා රටේ ජනතාවගේ දේපළක් හැටියට ඛනිජ තෙල් සංස්ථාව බේරා ගන්න අපි කටයුතු කරනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රු. ලක්ෂ 10ක්

කොළඹ LNW:අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම්...