ඇම්නස්ටි ඉන්ටනැෂනල් ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ දිප්‍රොස් මුචෙනා ලංකාවේ!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ඇම්න්ස්ටි ඉන්ටනැෂනල් හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ දිප්‍රොස් මුචෙනා මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ ඇමන්ස්ටි ඉන්ටනැෂනල් සංවිධානයේ කලාපීය වාර්ෂික වාර්තාව එළි දැක්වීමේ උත්සවයට සහභාගී වීමටයි.

මෙම අවස්ථාවට සහභාගී වන මුචෙනා මහතා එහි ප්‍රධාන කථිකයා ලෙස කටයුතු කිරීමට නියමිත අතර, තම පැමිණීම හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම ප්‍රවර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමට ද අපේක්ෂාවෙන් පසුවෙයි.

ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානයේ කලාපීය වාර්ෂික වාර්තාව එළඹෙන මාර්තු 28 වන දින කොළඹදී එළි දැක්වීමට නියමිත ය.

දිප්‍රොස් මුචෙනා මහතා, ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානයේ කලාපීය මානව හිමිකම් බලපෑම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අතර, ලොව පුරා පිහිටා ඇති ඇම්නස්ටි ඉන්ටනැෂනල් කලාපීය කාර්යාල හරහා ගෝලීය මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ මෙහෙයුම් පුළුල් කිරීමේ කාර්යභාරය අධීක්ෂණය කිරීම භාරව පසුවෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...