මේ ලෑස්ති වෙන්නෙ අරගල මර්දනයට – ජෝෂප් ස්ටාලින් (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාධ්‍යට කරුණු දක්වමින් ජෝෂප් ස්ටාලින් මහතා පවසන්නේ ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ නව පණත ගේන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සාහ ගන්නේ ජනතාව මර්ධනය කිරීමට බවයි.

ඒ පිළිබඳ අදහස් දක්වන ජෝෂප් ස්ටාලින් මහතා,

“රනිල් මේ ගේන පණතෙ නම තමයි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පණත. මේකෙ ගේන්න ප්‍රධාන අරමුණ තමයි ප්‍රචණ්ඩත්වය කියලා ගෙනල්ලා ඉදිරියේදී එන අරගල මර්ධනය කරන්න. මේ වෙනකොට අපි දන්නවා, රනිල් වික්‍රමසිංහ IMF ආවා කියලා ඒකෙන් රට සශ්‍රීක කරලා ඔක්කොම වෙලා ඉවරයි කියලා කියන්නෙ. ඒත් ණය අරන් තියෙන්නෙ , බිලියන 53 ට තව තුනක් එකතු වෙලා තියෙන්නෙ , ඒක තමයි මේ වෙලා තියෙන්නෙ , වෙන එකක් වෙලා නෑ. ඉතිං ණය අරගෙන කිරිබත් කාලා සතුටු වෙලා මොකද්ද මේ නටන නාඩගම , ඒත් අපි දන්නවා අපේ රටේ මිනිස්සගෙ බඩගින්නට විසඳුමක් මේ මිනිස්සුන්ට දෙන්න බෑ. කිසිම ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න බෑ. ඒ නිසා මේ වගේ නීති ගෙනල්ලා තමයි මේ කරන්න යන්නේ, ඒ නිසා මේකෙ තියෙන තවත් භයානක පැති කිහිපයක් තියෙනවා විශේෂයෙන්ම , අපි මේ කරන ක්‍රියාව, එනම් වෘත්තිය ක්‍රියාමාර්ගයක් කියලා හිතමු ඒ ක්‍රියාව ත්‍රස්තවාදයට ගරු කරන ,අනිත් පැත්තෙන් ඒවා ප්‍රචාරය කිරීම , ඒවා ඉදිරිපත් කිරීම, ඒ සම්භන්ධයෙන් කටයුතු කිරීම , මාධ්‍ය වලින් ආවණය ලබාදීම ,මේ ඔක්කොටම දඬුවම් ලැබෙනවා, අරකට අවුරුදු 20 නම් මේකට 15 යි. උදව් කිරීම් වලට අවුරුදු 15යි. මොකද්ද මේකේ තේරුම.

මේ රටේ මාධ්‍යත් මර්ධනය කිරීමට මේ හදන්නෙ. ඒ නිසා මේකෙන් ත්‍රස්තවාදය අර්ථනිරූපණය කිරීමේදී කරලා තියෙන දේ අපට ඉතාම පැහැදිලියි . ඒ වගේම අපි දැක්කා, වසන්ත මුදලිගේ මාස තුනකට රදවන්න රැදවුම් නියෝගයට අත්සන් කළේ රනිල් වික්‍රමසිංහ . දැන් මේකෙ කාටද අත්සන් කරන්න ඕනි , ජනාධිපතිවරයා අත්සන් කරන්න ඕනි නෑ, නියෝජ්‍ය පොළිස්පති වෙන්න පුලුවන් මේ මාස තුන තියාගන්න අත්සන් කරන්නෙ. මොකද්ද මේ කරන්නෙ . මොකටද මේ ලෑස්ති වෙන්නෙ මේ රටේ මිනිස්සු මර්ධනය කරන්නයි මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ නව පණත ගේන්න යන්නෙ, මේ කෙටුම් පත කෙටුම්පත් අවස්ථාවේ දීම පරාජය කළ යුතුයි .

විශේෂයෙන්ම ඉල්ලනේ විපක්ෂයේ ක්ණ්ඩායමට , විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඒ අයටවහාම කතා කරන්න මේ සමබන්ධයෙන්.මේ භයානක ප්‍රවනතාවයක් රටේ එන්න යන්නෙ. ඒක වහාම වලක්වගන්න ඕනි.

අපිට පුළුවන් වුණා පුනරුත්ථාපන පණත පරාජය කරන්න. ඒ වගේම මේකත් පරාජය කළ යුතුමයි කියලා අපි කියන්නෙ . එහෙම නැති වුණොත් වෙන්නෙ ඉදිරියේදී ජනතාව මර්ධනය කිරීමයි.රනිල් ලැස්ති වෙන්නෙ සම්පූර්ණයෙන්ම මර්ධනයට. රනිල් ට මර්ධනය පුරුදුයි.රනිල් දන්නවා ජේආර් කරපු එකත් දන්නවා, මේ සියල්ල අරගෙන එන්නෙ මරධනයට . රනිල් ටත් මේ ආණ්ඩුවටත් කිසිදු ප්‍රශ්නයකට උත්තරයක් නෑ. තියෙන්නෙ මර්ධනය ඒ මර්ධනය වෙනුවෙන් තමයි මේ පණත් ගේන්නෙ, මේක බහුතර ජනතාවක් එළියට ඇවිත් එය පරාජය කළයුතුයි කියලා අපි පැහැදිලිවම කියන්න ඕනි “

1http://bit.ly/3lAQ1Fn

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය