IMF ගිහින් ගොඩගිය රටක් මේ ලෝකේ නෑ. ලෙඩා මැරෙනවා ෂුවර් – ටිල්වින්

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ගොඩගිය කිසිදු රටක් මේ ලෝකයේ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“දැන් මේ යාචකයො ඉන්නෙ හන්දිවල. එහෙම කෙනෙක් අල්ලාගෙන ඇවිල්ලා රැවුල කොණ්ඩෙ කපලා, නාවලා, ෂර්ට් එකක් කලිසමක් අන්දලා, රස්සාවක් දුන්නොත් මොකද කරන්නෙ ? රස්සාව කරනවද ? නෑ … පහුවෙනිදා පැනලා ගිහිල්ලා ආපහු හිඟාකනවා. ඇයි ? හිඟාකාලා පුරුදු වුණාම මොන රස්සාව දුන්නත් හිඟා කන්නම හිතෙනවා. විකුණං කාලාම පුරුදු වුණාමත් එහෙමයිනෙ. දැන් රනිල්ට වෙලා තියෙන්නෙ ඒක. නිෂ්පාදනය කරන්නෙ නෑ, විකුණං කාලාම ජීවත් වෙන්න හදනවා. ඒකට ලේසියට කොහෙටද ගියේ ? දැන් ගියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. දැන් සමහරු හිතන් ඉන්නවා රනිල් IMF ගිහින් රට ගොඩගනියි කියලා. IMF ගිහිල්ලා ගොඩගත්තු කිසිම රටක් ලෝකයේ නෑ. එකම රටක්වත් නෑ. මෑතකදී ගියා ග්‍රීසිය සහ ආජන්ටිනාව. කොන්දේසි පැනෙව්වා, කොන්දේසි ක්‍රියාත්මක කළා, රටවල් දෙකම හාන්සි. ලංකාව මේ යන්නෙ 17 වෙනි වතාවට. IMF කියන්නෙ දොස්තර කෙනෙක් නම් ඔය දොස්තරගෙන් බෙහෙත් ගන්න 16 වතාවක් ලෙඩා අරන් ගියා. ලෙඩ හොඳවුණේ නෑ, ලෙඩා අසාධ්‍ය වුණා. දැන් 17 වෙනි පාරට යනවා ඒ දොස්තර ගාවටම. දැන් මොකද වෙන්නෙ ? ලෙඩා මළා තමයි ! ෂුවර්. බඩ සුද්ද වෙයි, හැබැයි ලෙඩා මැරෙනවා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි !

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්වයක්...