IMF ගිහින් ගොඩගිය රටක් මේ ලෝකේ නෑ. ලෙඩා මැරෙනවා ෂුවර් – ටිල්වින්

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ගොඩගිය කිසිදු රටක් මේ ලෝකයේ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“දැන් මේ යාචකයො ඉන්නෙ හන්දිවල. එහෙම කෙනෙක් අල්ලාගෙන ඇවිල්ලා රැවුල කොණ්ඩෙ කපලා, නාවලා, ෂර්ට් එකක් කලිසමක් අන්දලා, රස්සාවක් දුන්නොත් මොකද කරන්නෙ ? රස්සාව කරනවද ? නෑ … පහුවෙනිදා පැනලා ගිහිල්ලා ආපහු හිඟාකනවා. ඇයි ? හිඟාකාලා පුරුදු වුණාම මොන රස්සාව දුන්නත් හිඟා කන්නම හිතෙනවා. විකුණං කාලාම පුරුදු වුණාමත් එහෙමයිනෙ. දැන් රනිල්ට වෙලා තියෙන්නෙ ඒක. නිෂ්පාදනය කරන්නෙ නෑ, විකුණං කාලාම ජීවත් වෙන්න හදනවා. ඒකට ලේසියට කොහෙටද ගියේ ? දැන් ගියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. දැන් සමහරු හිතන් ඉන්නවා රනිල් IMF ගිහින් රට ගොඩගනියි කියලා. IMF ගිහිල්ලා ගොඩගත්තු කිසිම රටක් ලෝකයේ නෑ. එකම රටක්වත් නෑ. මෑතකදී ගියා ග්‍රීසිය සහ ආජන්ටිනාව. කොන්දේසි පැනෙව්වා, කොන්දේසි ක්‍රියාත්මක කළා, රටවල් දෙකම හාන්සි. ලංකාව මේ යන්නෙ 17 වෙනි වතාවට. IMF කියන්නෙ දොස්තර කෙනෙක් නම් ඔය දොස්තරගෙන් බෙහෙත් ගන්න 16 වතාවක් ලෙඩා අරන් ගියා. ලෙඩ හොඳවුණේ නෑ, ලෙඩා අසාධ්‍ය වුණා. දැන් 17 වෙනි පාරට යනවා ඒ දොස්තර ගාවටම. දැන් මොකද වෙන්නෙ ? ලෙඩා මළා තමයි ! ෂුවර්. බඩ සුද්ද වෙයි, හැබැයි ලෙඩා මැරෙනවා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...