යුරියා මෙට්‍රික් ටොන් 3800 ක පරිත්‍යාගයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙරට යළ කන්නයේ භාවිත කිරීම සඳහා යුරියා මෙට්‍රික් ටොන් 3800 ක් මෙරටට ලබාදීමට තීරණය කර ඇති අතර එම තොගය ලබන සතියේ මෙරටට ලැබෙන බවයි. මෙය යුරෝපා සංගමයේ පරිත්‍යාගයක් ලෙසට එය මෙරටට ලබාදී ඇත.

තවද , යුරියා මෙට්‍රික් ටොන් 31000 ක් යළ කන්නයේ භාවිත කිරීම සඳහා මෙරටට ලැබීමට නියමිතව ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ , නීති විරෝධීව ගෙන්වන ලද සහ ප්‍රමිතියෙන් බාල කෘමි නාශක ද්‍රව්‍යවලට අදාළ වැටලීම් වැඩි කිරීමටත් ඒවා සොයා බලා අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසටත් පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයාට දන්වා ඇති බවයි.

ඊට අදාළ දඩය ද සංශෝධනය කරන මෙන් ඉල්ලා ඇති බව එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...

අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!

කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...

DIMO වෙත එක්වූ නටාෂා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : ඩීසල් සහ මෝටර්...