අපි හැමෝගෙම ලයිෆ් ස්ටෝරීස්, සුරේඛාගේ ෂෝර්ට් ස්ටෝරීස් 

Date:

සුරේඛා සමරසේන එයාගේ පලවෙනි කෙටිකතා පොත ටික දවසකට කලින් රිලීස් කෙරුවා. ඒකෙ නම HOT CHOCOLATE. එක හුස්මට කියවල ඉවර කෙරුවට පස්සේ Baltimoraට හිතුනා ඒ ගැන ෂෝර්ට් නෝට් එකක් දාන්න. ලයිෆ් ස්ට්‍රගල් එකත් එක්ක ඒ වැඩේ පොඩ්ඩක් විතර ඩිලේ වුනා. 

ඔය පරණ ඩෙෆිනිෂන් එකක් තියෙනවනේ කෙටිකතා ගැන ස්ලයිස් ඔෆ් ලයිෆ් කියල. ජීවිතෙන් පෙත්තයි. නවකතා කියන්නේ ජීවිතේ නම් කෙටිකතා ජීවිතෙන් පෙත්තයි. ඕකනේ ඒ කියන්නේ. මේ පොත කියවගෙන යනකොට හිතුන දේ තමයි ඒ පරණ අර්ථකථන කුඩු සංසාර වෙන්න සුරේඛා මේක ලියල තියෙනවා නේද කියල. 

මොන පෙතිද ? සම්පූර්ණ ලයිෆ්. කෙනෙකුට කිව්වහැකි ඕන නම් මේවා කෙටිකතා නෙමෙයි කෙටි නවකතා කියල. තවත් කෙනෙකුට කියන්න පුළුවන් ෆිල්ම් ස්ක්රිප්ට්ස්වල සිනොප්සිස් කියල. ඔය කොහොම කිව්වත්, සුරේඛා එක දෙයක් කරලා තියෙනව, ඒ තමයි අපිව උරහිස් දෙකෙන් අල්ලලා හොලවල කියනව.. ඕයි මෙන්න ලයිෆ් කියල. 

නම්බර් වන්, මේ මොහොතේ ලංකාව කියන අයිලන්ඩ් එකේ ඇස් අරගෙන ඉන්න ගෑනියෙක්ට ලයිෆ් අහුවෙන්නෙ කොහොමද කියල සුරේඛා අපට පෙන්වනවා. ගෑනු ජීවිත ඇතුලේ එහා මෙහා වෙන ඇත්ත වොකබ්ලරි එක දිගේ ඇත්ත ඉන්සිඩන්ට් හරහා එයා අපිව ට්‍රැවල් කරවනවා. 

ඒ ජර්නි එක, ඇස් දිගේ හාට් එක දිගේ සිතුවිලි දිගේ විතරක් නෙමෙයි පෑන්ටීස් බ්‍රාස් දිගේ පවා එයා අපිව ගෙනියනවා. වට් ටු ඩූ ? ඒක තමයි ජීවිතේ. ගෑනු හොයන්නෙ මොනවද කියල හොයන්න කැමති කෙනෙක් ඉන්නවනං ප්ලීස්  කියවන්න හොට් චොකලට්. 

ඒ වැඩේදී සුරේඛා ආයෙ දෙපාරක් නොහිත ලැන්වේජ් එක පාවිච්චි කරනවා. හැබැයි ඒක ජුගුප්සාජනක නොවෙන්න එයා වග බලාගන්නවා. අකුරු අස්සෙන් වචන අස්සෙන් ෆීලින්ග්ස් ගේනවා මාර ලස්සනට. ඒක කොච්චරද කියනවනං ඒ සමහර කරැක්ටර්ස් වැලඳගන්න විතරක් නෙමෙයි ඒ ගොල්ලෝ එක්ක අනුරාගයේ වෙළෙන්න පවා අපට හිතෙන්න ගන්නවා. 

ඉබාගාතේ යන යුදෙව්වා සහ හොට් චොකලට් පිස්සුවක්. බිම්මල් 1 සහ 2 හාට් එක හූරන කවියක්. රේමන්ගේ ගෑනු කියන්නේ මූවී එකක්. ඒ ටිකට සාපේක්ෂව මලයාලම් සහ කොරෝනා කාලේ ආලේ තියෙන්නෙ ඈතින්. ඒක මගේ පෞද්ගලික මතය. කවුරුත් වොරි වෙන්න එපා. 

හොට් චොකලට් මෑත කාලයේ ලස්සනම සහ භයානකම වයිබ්‍රේෂන් එකක්. ලව් ඇන්ඩ් සෙක්ස් ගැන මෙච්චර කල් ලියවිච්ච සටහන් අර්බුදයට යවන ටෙක්ස්ට් එකක්. අන්තිමට දෙයක් කියන්නම්. මේක ක්‍රිටික් එකක්ම නෙමෙයි. වෝම් හග් එකක්. තැන්ක්යූ සුරේඛා. අයි ලව් යූ.

– BALTIMORA  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරගේ ජර්මන් සංචාරය ගැන අසත්‍ය ප්‍රකාශයක් කළැයි ගම්මන්පිලට එරෙහිව CID විමර්ශනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සංචාරයේ නිරතව...

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...