*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

සිරිමාවෝ මතක..

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 1916 වසරේ අප්‍රේල් මස 17 දා බළන්ගොඩ, මහවලතැන්න වලව්වේ දී උපත ලැබූ සිරිමාවෝ මැතිනිය සහෝදරියක් සහ සහෝදරයන් සිවුදෙනෙකුගේ පවුලේ වැඩිමලා වූවාය.

සුජීවත්ව සිටියේ නම් එතුමිය අද සමරන්නේ ඇගේ 107 වන ජන්ම දිනයයි.

රත්නපුර ෆර්ගසන් උසස් බාලිකාවෙන් හා කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලබා තිබෙන ඒ මහත්මිය අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව තම මවගේ දේශීය වෛද්‍ය කටයුතු වෙනුවෙන් ද සහාය ලබාදී තිබේ. පසුව 1940 වසරේ දී සිරිමාවෝ මැතිනිය, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සමඟ විවාහ වී තිබෙන අතර, එම විවාහයෙන් ඔවුන් දෙපළගේ පවුලට සුනේත්‍රා බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ අනුර බණ්ඩාරනායක දරු දැරියන් එක්වූහ.

කෙසේ වුවද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ විවාහයෙන් අවුරුදු 19කට පසුව එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වූ අතර, එයින් පසුව සිරිමාවෝ මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වූවාය. මැතිවරණ ජයක් සමඟ සෙනෙට් සභික මන්ත්‍රීවරියක් වශයෙන් 1960 වසරේ ජූලි මස 21 දා ලෝක වාර්තාවක් පිහිටුවමින් පළමු අගමැතිනිය වශයෙන් පත්වූවාය.

දේශපාලනයේ කැපී පෙනෙන ක්‍රියාකාරකම් රැසකට දායකත්වය ලබාදුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලංකා බැංකුව, ලේක්හවුස් ජනසතු වීම, තෙල් සංස්ථාව ජනසතු කිරීම ආදිය ඒ අතර විය. 1976 වසරේ නොබැඳි ජාතීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ දී පවත්වා එහි සභාපතිත්වයට පත්වන ඒ මහත්මිය අන්තර්ජාතික වශයෙන් එක් එක් රටවල් සමඟ මිත්‍ර සබඳතා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාව ලෝකයේ ගෞරවනීය තැනකට රැගෙන යාමට සමත් වූවාය.

දේශපාලන දුක්ඛදෝමනස්සයන්ට කාන්තාවක් වශයෙන් මුහුණදුන් ඒ මහත්මිය අභියෝග හමුවේ නොසැලෙන කාන්තාවක් වශයෙන් තවත් පන්නරය ලබමින් ඉදිරියට ආවේ නොසැලෙන ශක්තියකිනි. 1982 එතුමියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ ද නොබියව දේශපාලන කඳවුරේ ශක්තිමත් නායිකාවක වශයෙන් ක්‍රියා කළාය.

1994 නැවතත් අගමැති ධුරයෙන් පිදුම් ලැබූ සිරිමාවෝ මැතිනිය දේශපාලනයෙන් ඉසිඹු ලැබුවේ ජාතියේම ආදරයට පාත්‍ර වූ අපේ රටේ ආදරණීය අම්මා වශයෙනි. 2000 වසරේ ඔක්තෝබර් 10 වැනි දින ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් ඡන්දය ද පාවිච්චි කොට නැවත කොළඹට එන අතරතුර ඇය ජීවිතයෙන් සමුගත්තාය. අපේකම ලෝකයට රැගෙන යන්න කොන්ද කෙළින් සිටින ජාතියක් බවට අපේ රටේ මිනිසුන් පත්කිරීමට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ සිරිමාවෝ මැතිනිය අග්‍රගණ්‍ය ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස සමස්ත ලෝකයේම පිළිගැනීමයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan