*
Friday, November 22, 2024
spot_img

Latest Posts

සුළුතර ප්‍රජාවකගේ 29 වසරක අරගලයක් මතට පිරිසක් මළපහ කරයි?

සංස්කාරක (LGBTIQ)

කොළඹ (LNW): ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවට අද (17) දින පුවතක් පළවිය.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ, විශ්‍රාමික යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු වූ කේ. අතුල එච්. ද සිල්වා, ශෙනාලි ඩී. වඩුගේ සහ ජෙහාන් හමීඩ් යන අය විසිනි. එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත සහ නීතිපතිවරයා නම් කර තිබේ.

මෙම පෙත්සම්කරුවන් විසින් සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනා හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත්, එමඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත්, සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන බවත් තර්ක කර තිබේ. මෙම සංශෝධන දණ්ඩ නිති සංග්‍රහය පිළිබඳව ව්‍යවස්ථාදායකයේ අපේක්ෂාවන්ට පටහැනි බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන බරපතළ ලෙස උල්ලංඝනය වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙන අතර, බෞද්ධ, හින්දු, කිතුනු හා ඉස්ලාම් ආගමික විශ්වාසයන් අනුව පවා සමලිංගික කටයුතු අනුමත කිරීමක් සිදුකර නොමැති බව තර්ක කරමින් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන එම ආගමික විශ්වාසයන්ට පටහැනි බවත් පෙත්සම්කරුවෝ පවසති.

එමෙන්ම අදාළ පනත් කෙටුම්පතින් අපේක්ෂා කරන කරුණු මෙරට සංස්කෘතික හා ජාතික අනන්‍යතාවයන්ට ද පටහැනි බවට තර්කකරන පෙත්සම්කරුවෝ, යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන හෙයින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

මෙම සිදුවීමේ රසවත්ම කරුණ වන්නේ, විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට ප්‍රසිද්ධියේ ගරහන සහ ඔවුන් විවේචනය කරමින් ලිපි පවා පළකරන පාර්ශවයන් එකී පෙත්සම්කරුවන් අතර සිටීමයි.

බොහෝ දෙනෙකු නොදන්නවා වූව ද, 2023 මාර්තුවන විට, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 62 කම තවමත් සම්මුතිගත සමරිසි සබඳතා නීතිය ඔස්සේ අපරාධ වරදක් සේ සලකනු ලබයි. මීට අමතරව, සාමාජික රටවල් දෙකක් විසින්ම මෙම සමරිසි සබඳතා සාපරාධීකරණය කරන නීති ක්‍රියාවට නංවන අතර, රටවල් 30 කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් උරුම වූ නිතී මත එසේ සාපරාධීකරණය කිරීම සිදුකරනු ලබයි. මේ අතර ශ්‍රී ලංකාව ද සිටීම විශේෂත්වයකි.

දොලවත්ත මන්ත්‍රීවරයා ඉදිරිපත් කරනු ලැබූ සංශෝධන මොනවා ද? ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති ඔස්සේ, පිළිවෙලින් “ස්වභාවධර්මයට පටහැනි ලිංගික සංසර්ගය” සහ “දැඩි අශිෂ්ට ක්‍රියා” සාපරාධීකරණයට ලක්වීම සිදුවේ. දණ්ඩ නීති සංග්‍රහය විසින් මෙම වගන්තිවලට අර්තනිරූපණයක් ලබා දී නොතිබෙන මුත්, සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කිරීමට මෙම වගන්ති දෙකම එදා මෙදා තුර භාවිතා කර ඇති අතර, මෙකී “අපරාධවලට” වරදකරුවන් බවට පත්වන පුද්ගලයන් වසර දහයක කාලයක් දක්වා වූ සිරදඬුවමකට නියම කළ හැකිය. ඉහත කී සංශෝධන ඉල්ලා සිටින්නේ මෙම අසාධාරණ වෙනස්කොට සැලකීම ඉවත් කොට සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති | ඡායාරූපය: LNW Archives

විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්කිරීමට යොදා ගැනෙන මෙම නීති දණ්ඩ නීති සංග්‍රහය ඔස්සේ ආසියාතික සහ අප්‍රිකානු රටවලට හඳුන්වා දී තිබෙන්නේ 1860 වර්ෂයේ දී තෝමස් මැකොලේ සාමිවරයා විසිනි. ඒ යටත් විජිත පාලන සමය තුළ ඉන්දියාව යටත් විජිතයක් ලෙස පවත්වා ගත් කාලසීමාව තුළ ඉන්දියාවට පළමු වරට හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහය හරහා ය. ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වන වගන්තිය, බ්‍රිතාන්‍යයේ 16 වන සියවසේ හඳුන්වා දුන් ගුද සංසර්ගය තහනම් කිරීමේ පනත හෙවත් බගරි පනත මත නිමවන ලද අනුරුවක් වන අතර, මීට සමාන වගන්තීන් යටත් විජිත පුරා ඒ ඒ රටවල් විසින් භාවිතා කළ දණ්ඩ නීති සංග්‍රහවලට ඇතුළත් කොට ඒවා “බගරි නීති”, හෝ “සොදොමි නීති” ලෙස හඳුන්වනු ලැබීය. (සොදොමි යනු පිරිමි සමලිංගික ක්‍රියා හැඳින්වීමට භාවිතා කළ පදයකි.)

ශ්‍රී ලංකාව තුළ යටත් විජිත ආක්‍රමණයක් ඇතිවීමට පෙර සමරිසි ලිංගික ක්‍රියා අපරාධ වරදක් හෝ සංස්කෘතිකමය වශයෙන් නුසුදුසු කරුණක් ලෙස සඳහන් වන කිසිඳු සාක්ෂියක් අද වන තුරුත් සොයාගැනීමට සමත්ව නැත. එහෙත්, ආසියාවේ සහ මැද පෙරදිග රටවල පැවති “ආකර්ෂණීය සහ අධි අනුරාගී සංස්කෘතිය හමුවේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මුළා වීමෙන් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය” මත බ්‍රිතාන්‍යය විසින් මෙවන් නීති තම යටත් විජිතවලට හඳුන්වා දීමට කටයුතු කර ඇති බවට පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබේ. මීට සමඟාමීව, කම්කරු වෙළඳපොලේ පැවැත්ම සඳහා යටත් විජිතවල සිඟමන් යැදීම, අයාලේ යාම, සහ හිසට වහලක් නොමැතිවීම වැනි දෑ සාපරාධීකරණය කිරීමට සිතාමතාම අයාලේ යෑමේ සහ සිඟමන් යැදීමට අදාළ නීති බලාත්මක කිරීම ද සිදුව තිබේ.

සාක්ෂි පිරික්සා බැලුවහොත්, ශ්‍රී ලංකාව තුළ ද සමරිසි ලිංගික ක්‍රියා ඕනෑතරම් සිදුවූ බවත්, ඊට කලක රාජ්‍ය අනුග්‍රහය පවා හිමි වූ බවත්, ශ්‍රී ලංකාවේ පෘතුගීසි පාලනය පැවති 1547 වර්ෂයේ දී පෘතුගීසි ආණ්ඩුකාර ඩී. ජොවාවෝ ද කොස්තා වෙත යොමුකළ ලිපියක සඳහන් කරුණු මඟින් අනාවරණය වේ. එහි සඳහන් වන්නේ, එවකට පැවති කෝට්ටේ රාජධානිය තුළ “සොදොමි පාපය” (හෙවත් පිරිමි සමලිංගික ක්‍රියා) හතර අත පැතිර ගොස් ඇති බවත්, එය දකින පෘතුගීසීන්ට බියක් දනවන බවත්, රාජධානියේ “ඉහළ පිරිමින්” ගෙන් මෙම “කැත ක්‍රියාව” සිදුවන්නේ ඇයි ද යන්න ප්‍රශ්න කළ විට ඔවුන් පවසා තිබෙන්නේ අප කරන සියලු දෑ අපගේ රජු කරන දැයයි යන්න බවත් ය. මෙම ලිපියේ සඳහන් රජතුමා වන්නේ හත්වන බුවනෙකබාහු රජතුමා ය. ඒ අනුව හත්වන බුවනෙකබාහු රජු සමරිසි ලිංගික ක්‍රියාවලට කැමැත්තක් දක්වා ඇති බවත්, කෝට්ටේ රාජධානිය පුරා සමරිසි ලිංගික ක්‍රියා සිදුව ඇති බවත් සැල කරයි. (Portuguese Encounters With Sri Lanka And The Maldives: Translated Texts From The Age Of The Discoveries: Edited By Chandra R. De Silva)

සමරිසි ලිංගික ක්‍රියා සාපරාධී වරදක් බවට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් බ්‍රිතාන්‍යය විසින් තම රටේම එම නීතීන් අහෝසි කරගන්නේ 1967 වර්ෂයේ ඉදිරිපත් කළ වුල්ෆන්ඩන් වාර්තාවේ නිර්දේශ මත ය. 1957 වර්ෂයේ සම්පාදනය වූ වුල්ෆන්ඩන් වාර්තාවේ දැක්වෙන්නේ, වැඩිහිටියන් අතර පෞද්ගලික අවකාශයේ සිදුවන ක්‍රියා සදාචාරය හෝ දුරාචාරය මත පදනම්ව රාජ්‍ය පාලනයට ලක් නොවිය යුතු බවයි. “අපරාධයේ විෂයය, පාපයේ විෂයය හා සම කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට සමාජය විසින් අප්‍රතිහත උත්සාහයක් දරන අවස්ථාවකදී හැරුණු විට, පෞද්ගලික සදාචාරය සහ දුරාචාරය සඳහා වෙන්වූ අවකාශයක් පැවතිය යුතු අතර, මීට, කෙටි සහ සරල බසින් කිවහොත්, ඇඟිලි ගැසීමට නීතියට හැකියාවක් නොමැති අතර, එකී කරුණු සැලකිල්ලට ගෙන අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුත්තේ හානි වළක්වා ගැනීමට මිස “සදාචාර වටිනාකම්” සම්පාදනය කිරීමට නොවන බව පෙනී යයි,” යනුවෙන් එම වාර්තාවේ දැක්වෙන අතර, මෙම නීතිය භාවිතාකොට පුද්ගලයන් අවමාන තර්ජනයට ලක්කිරීම, සහ එසේ අවමාන තර්ජනයට ලක්වූ පුද්ගලයන් තමාට එරෙහිව “සොදොමි නීති” යටතේ චෝදනා එල්ලවනු ඇතැයි බියෙන් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමට යාමට වත් අපොහොසත් වීම එකළ පවා සිදුව ඇති බවට එම වාර්තාව ඔස්සේ දැක්වෙයි.

පුදුමයට කරුණ වන්නේ, 1957 වර්ෂයේ වුල්ෆන්ඩන් වාර්තාව විසින් දැක්වූ අනතුරු ඇඟවීම 2023 වර්ෂය වන අදටත් ශ්‍රී ලංකාවට වලංගු වීමයි!

යටත් විජිත රාජ්‍යවලට “සොදොමි නීති” හඳුන්වා දීම, සහ ඒ ඒ රටවල වෙනස්කොට සැලකීමේ, ප්‍රචණ්ඩත්වයේ සහ මරණයේ පවා උරුමයන් බිහිවීම කෙරේ බ්‍රිතාන්‍යය දැරි භූමිකාව සම්බන්ධයෙන් තමා පසුතැවෙන බව හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ 2018 වර්ෂයේ අප්‍රේල් මස පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා සිටියාය.

ශ්‍රී ලංකාව තුළ සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ හිමිකම් සංවිධානාත්මක මුහුණුවරකින් පළමුවරට ආමන්ත්‍රණය කිරීම ඇරඹෙන්නේ 1994 වර්ෂයේ බිහිවූ ගමන් මඟේ සහකරුවෝ සංවිධානයත් සමඟ ය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, ප්‍රශ්ණභාවී (LGBTIQ) ඇතුළු ප්‍රජාවගේ මානව හිමිකම් අරගලයට 2023 වර්ෂය වන විට වසර 29 ක් පිරී තිබේ. මෙකී කාලසීමාව තුළ විවිධ මට්ටමින් මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් විවිධ අධිවාචන වැඩසටහන් පවත්වා ඇති අතර, එය ජාතික තලය දක්වා ගෙන යෑමට සමත්ව තිබේ. මෙම මාතෘකාව දේශපාලනික වශයෙන් උණුසුම් කාලපරිච්ඡේදවල මතුපිටට පැමිණෙන බවත්, ඒ පටු දේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බවත් ඉතිහාසය පමණටත් වඩා සාක්ෂි සපයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ තුන් වන පරිච්ඡේදයේ 12(1) සහ 12(2) වගන්ති හරහා විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් සුරක්ෂිත වී ඇති බවත්, පවතින නීතිය යොදාගනිමින් ඔවුනට වෙනස්කොට සැලකීම් සිදුකළ නොහැකි බවත් ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිළිවෙලින් 2014, 2017 සහ 2019 යන වර්ෂවල එක්සත් ජාතීන් හමුවේ සහතික කර තිබේ. මීට අතිරේක කරුණක් ඇතුළත් කරමින්, 2022 මාර්තුවල එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි සියලු වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ කමිටුව (CEDAW) හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව පවසා සිටියේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට වෙනස්කොට සැලකීම් සිදුකරන නීතියක් නොමැති බවත්, එසේ පවතින්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බවත් ය.

CEDAW කමිටුව හමුවේ ශ්‍රී ලංකා රජය ලබා දුන් ප්‍රකාශයේ නීතිය පිළිබඳ සඳහන් කොටස

මේ අතර, 22 හැවිරිදි සමරිසි කාන්තාවකට මානසික රෝගයක් පවතින්නේ යැයි ඇගේ දෙමාපියන් සහ මහබාගේ පොලීසිය විසින් ඈට එරෙහිව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ මෝසමක් නිශ්ප්‍රභා කරමින් අධිකරණය ප්‍රකාශ කර තිබුණේ සමරිසිභාවය මානසික රෝගයක් නොවන බවත්, එය අපරාධ වරදක් ද නොවන බවත් ය.

තව ද, සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්කරන නීති හෙළා දකිමින් අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්තුමා සහ ඇන්ග්ලිකන් දේවස්ථාන විසින් ඉකුත් පෙබරවාරි 05 වන දින ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ, සමරිසි ප්‍රජාවට එරෙහි නීති පැනවීම වැරදි බවත්, පාපය වන්නේ මෙවන් නීති බවත් එය අයුක්තිය සංකේතවත් කරන බවත් ය.

ප්‍රේම්නාත් දොලවත්ත මන්ත්‍රීවරයා විසින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද යොදාගනිමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන අතුරු නියෝගය අභියෝගයට ලක්කිරීම සහ ඉන් අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලු කරමින් ලෝකය හමුවේ තබා තිබෙන පූර්වාදර්ශය පිළිබඳව මතවාදී වශයෙන් විවේචනයක් වෙනම පැවතිය හැකිය. එහෙත් වසර 29ක් පුරාවට රාජ්‍ය අනුග්‍රහය ඇතුව සහ නැතුව වෙනස්කොට සැලකීම්වලට, හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ලක්වුනු ප්‍රජාවකගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් එදා මෙදා තුර මහජන නියෝජිතයකු විසින් ගෙන නැති තරමේ පියවරක් වශයෙන් සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කර තිබීම අගය කළ යුතු කරුණකි.

දැන් ශ්‍රී ලංකාවේ සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීමට එරෙහිව ප්‍රසිද්ධියේ යුධ ප්‍රකාශ කර තිබේ. අතීතය හාරා අවුස්සා බැලුවහොත්, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති පියවරකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යම් පාර්ශවයක් විසින් එළඹ ඇති ශ්‍රී ලංකාවේ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගතවීම වැළැක්විය නොහැකිය.

කෙසේවෙතත්, මෙවන් ක්‍රියාමාර්ග, සමරිසි ලිංගික ක්‍රියා නිර්සාපරාධීකරණය කිරීම, හෝ පොදුවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට එරෙහිව දියත් වීම ලෝකයේ අනෙකුත් රටවල්වල නම් ඉතා සුලභ සිදුවීමකි. වෙනකක් තබා විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ හිමිකම් සුරක්ෂිත කර තිබෙන එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි රටවල පවා ගතානුගතික කණ්ඩායම් විසින් මෙවන් අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹ තිබේ.

ඒ අනුව, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එළඹ තිබෙන අධිකරණ ක්‍රියාමාර්ග තවමත් මෙරට බොහෝ දෙනෙකුට ආගන්තුක විෂයක් වී ඇති පසුබිමක් තුළ, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ හිමිකම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹීම ම එහෙම්පිටින්ම ජනතාවට මැජික් එකක් විය හැකිය. නමුත් දැන් එය ද සිදුව තිබේ.

ඉහත කී අධිකරණ ක්‍රියාමාර්ගය දෙස සන්සුන්ව බලා සිටිනවා හැරෙන්නට අපට ද කළ හැකි දෙයක් නොමැත.

සබැඳි පුවත්:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan