රනිල්ගේ සිංහ වෙස් මුහුණට අපි බය නැහැ – ස්ටාලින් (VIDEO)

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංහ වෙස් මුහුණට බිය නොවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.

ඒ, ඊයේ දින ජනාධිපතිවරයා විසින් උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදයට විසඳුමක් ලෙස විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට පියවර ගන්නා බවටත් පිළිතුරු පත්‍ර ඇඟයිම් කටයුතු අඩාල කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවටත් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

තමන්ට නැති බලයක් ආරෝපණය කරගනිමින් අධ්‍යාපනය සම්බන්ධ එවැනි තීරණයක් ගැනීමට පෙර දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය දේවල් සම්පූර්ණ කළ යුතු බවටයි ස්ටාලින් මහතා අවධාරණය කළේ.

අවම වශයෙන් 2023 වසරට අදාළ පෙළපොත් හෝ සම්පූර්ණයෙන් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර නැති බව ඔහු සඳහන් කළේය.

මේ අතර 2022 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ගේ නිල ඇඳුම් රෙදි හෝ ලබා දී නැති බව ඔහු කියා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...