අධික උෂ්ණත්වයෙන් දරුවන් රැකගන්න

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ දිනවල පවතින අධික උෂ්ණාධික තත්ත්වයෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑමෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. වැඩිපුර දියර භාවිතය මගින් උෂ්ණාධික කාලගුණයෙන් ඇති වන සංකූලතා අවම කර ගත හැකි බවත් , මේ දිනවල චර්ම රෝගවල වැඩිවීමක් දක්නට ලැබෙන අතර , කුඩාම දරුවන් වුවත් දිනකට දෙසැරයක් නෑවිම සුදුසු බවත් පැවසීය .

ඒ පිළිබඳ විස්තර කරන වෛද්‍යවරයා,

“රෝග ලක්ෂණ විදියට මහන්සිය, නිදිමත ගතිය, ඇඟපත රිදෙන එක, සමහර අයට වමනය යන්න එනවා ඒ වගේ රෝග ලක්ෂණ කිහිපයක් ඇති වෙනවා. ඊට අමතරව දරුවන් සහ අපි වැඩිපුර ජලය සහ ලවණ ගත්තේ නැත්නම් වැඩිපුර දාඩිය දැමීම නිසා තාප කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් අපිට වළක්වා ගන්න පුළුවන් වැඩිපුර දියර ආහාර ගන්න. ස්වභාවික දියර තමා අපි කියන්නේ, ඒ කියන්නේ ජලය සමග ලවණ තියෙන. ස්වභාවික පලතුරු යුෂ, දෙහි, දොඩම්, නාරං, දෙළුම් වැනි දේවල්, තැඹිලි වතුර, කුරුම්බා වතුර හා ජීවනි වගේ පානයන් අපිට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ සමේ රෝගත් වැඩිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම දාඩිය බිබිලි අපේ දරුවෝ අතර වැඩිවෙලා. දද වගේ දේවල්වලත් වැඩිවීමක් තියෙනවා. ඒ නිසා දරුවන්ට විනාඩි 20ක් විතර වතුරේ ඉන්න දෙන්න. පුංචිම දරුවෙක් වුණත් දවසට දෙසැරයක් නාන්න. ඒ තුළින් හමේ ඇති වෙන සංකූලතා අවම කරගන්න පුළුවන්.”

මේ අතර අද (20) දිනයේද දිස්ත්‍රික්ක 11ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර , නැගෙනහිර, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට එම අවදානම් උෂ්ණාධික කාලගුණ තත්ත්වය පවතින බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනයේ වැදගත්ම පොලිසි එක ජනතාවට අවංකවීමයි ….

ජ.වි.පෙ. අපේ පරම්පරාව දේශපාලනය කලා වගේ වසන්තලාගෙ පරම්පරාවත් අතේ...

ජනාධිපති ට්‍රම්ප් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව ඩොලර් බිලියන 15 ක අපහාස නඩුවක් ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලාංකිකයින් සඳහා කැසිනෝ ඇතුළුවීමේ බද්ද වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීමේ...

අපි පක්ෂයක් ලෙස කාටවත් දේපළ තියෙනවාට විරුද්ධව කතා කරලාවත් නෑ. දේපළ තිබීම දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයි – ඇමති නලින්ද

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ...