කතෝලික ජනතාව සහ පියතුමන්ලා පා ගමනක

0
352

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කතෝලික ජනතාව සහ පියතුමන්ලා අද (20) පා ගමනක නිරත වීමට සැලසුම් කර ඇති අතර පාස්කු ප්‍රහාරය සිදු වී හෙටට (21) වසර 4 ක් සම්පූර්ණ වීම එයට ප්‍රධාන හේතුවයි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට මෙතෙක් සාධාරණය ඉටු වී නොමැති බව කතෝලික සභාව පෙන්වා දෙන අතර , අද (20) රාත්‍රියේ කටුවපිටිය දේවස්ථානයෙන් ආරම්භ වන පා ගමන හෙට අලුයම කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වෙත පැමිණීමට සැලසුම් කර ඇතැයි කතෝලික සභාවේ ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ ය.