සඳුදාත් TID නාවොත් දප්පුලට එරෙහිව නීතිමය පියවර

Date:

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (21) දිනයේදීත් දැනුම් දී තිබුණ ද ඒ මහතා එහි පැමිණ නොතිබිණි.

ඒ අනුව, ඒ මහතාට ලබන සඳුදා (24) දිනයේ එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින නැවත දැනුම් දීමට තීරණය කර තිබේ.

එදිනටත් හිටපු නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙමින් නීතිමය පියවර ගන්නා බවත් ඔහුට දැනුම් දී ඇති බව සඳහන්.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව පසුපස කුමන්ත්‍රණයක් තිබුණු බවට හිටපු නීතිපතිවරයා සිදුකර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීම සඳහා පසුගිය 19 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණු නමුත් එදින ද ඔහු එහි නොපැමිණි අතර නීතීඥයකු හරහා නෛතික විරෝධතාවක් ගොනුකිරීමට එදින ඔහු කටයුතු කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...