පාලුවට ගිය උතුරු නැගෙනහිර (PHOTOS)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යපාරයක් අද (25)දින මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම හර්තාල් ව්‍යාපාය සදහා දෙමළ ජාතික සන්ධානය ඇතුලු උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ හතක්(07)සහය ලබා දෙන අතර උතුරු නැගෙනහිර රදගුරුහිමිපාණන් වහන්සේලා ඇතුලු ආගමික නායකයින්ගේ ද සහය හිමි වී ඇත.

මෙම හර්තාල් ව්‍යපාරයේ මූලික අරමුණු වී ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙසත් ,දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත් උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් සහ නැවත් පදිංචි කිරීමේ ගැටලු වලට වහා විසදුම් ලබා දීම යන කරුණුය.

අප වාර්තා කරුවන් පවසන්නේ මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් අද දින උතුරු නැගෙනහිර මුලු මනින්ම කඩ සාප්පු වසා දමා ප්‍රවාහන සේවාවන්ද නවතා දමා ඇති බවයි.

පහත චායාරූප වලින් දැක්වෙන්නේ අද දින යාපනය නගරයේ සියලු කඩ සාප්පු වසා දමා නගරය පාලු ස්වභාවයක් ගෙන ඇති ආකාරයයි.


සියලුම ඡායාරූප නරඹන්න.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ

ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...