*
Friday, September 27, 2024
spot_img

Latest Posts

අනුහස් පෑ අනඳ පුතු තෙහස් විසි එකේ සිට එකට පැමිණ ලොවම දිනයි

කොළඹ (LNW): තෙහස් රශ්මිත කිරින්ගොඩ ග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් සූරතාවය නියෝජනය කරමින් අවුරුදු 9 න් පහළ සූරතාවය දිනා ගන්නට සමත් විය.කොළ ආනන්දයේ සිසුවෙක් වන තෙහස් තරගාවලිය ආරම්භ කරන විට 21 ස්ථානයට ශ්‍රේණිගතව සිටි අතර ඔහු අවසාන වටයේදී තරගාවලිය ආරම්භයේ අංක එකට ශ්‍රේණිගතව සිටි කසකස්තානයේ Zhauynbay, Alimzhan සමඟ තරගය සම ලකුණු ලබමින් නිම කර තරගාවලියේ අංක එකේ ක්‍රීඩකයා බවට පත් වූවා පමණක් නොව Zhauynbay, Alimzhan අංක තුන දක්වා පහත දමන්නටත් දායක විය.
ප්‍රතිවාදින් නව දෙනෙක් මුණ ගැසුණු තෙහස් තරග නවයම අවසාන වන විට ලකුණු 7 ½ ක් ලබා පෙරමුණ ගැනීමට සමත් විය.තෙහස් අතින් මෙම තරග නවයේදි ග්‍රීසිය,එංගලන්තය,ස්වීඩනය,කසකස්තානය,තූර්කිය,ඉන්දියාව,මොංගෝලියාව සහ ඊශ්‍රායලය යන රටවල තරග කරුවන් මුණ ගැසිණ.

තරගාවලිය නියෝජනය කරමින් තෙහස් පමණක් ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ අතර ඇතැම් රටවලින් තරගකරුවන් කිහිප දෙනෙකු තරගාවලිය සඳහා ඉදිරිපත් කර තිබිණ.එවැනි අවධානයක් රටවල් විසින් බා දුන් තරගාවලියක අංක 21 ට ශ්‍රේණිගතව සිටි ක්‍රීඩකයා ලෙස තරගාවලිය අරඹා ශ්‍රී ලංකාවේ නම අංක එකේ රැඳවීමට තෙහස්ට හැකිවීම සම්බන්ධයෙන් සමස්ත ලාංකිකයන්ගේම ආදරය ගෞරවය පුංචි තෙහස්ට හිමි විය යුතුය.
පුංචි තෙහස්ගෙන් ද මාධ්‍ය සහ බලධාරීන්ගේ සැළසුම පරිදි ග්‍රෑන්ඩ් මාස්ටර් ජයග්‍රහණයක් යන්න මාධ්‍යයට නිරාවරණය කර ගැනීමට හැකි වුවත්,වඩා වැදගත් වන්නේ තෙහස් සංස්කෘතිමය වශයෙන් චෙස් සමඟ බද්ධ කර ඔහුගේ අනෙකුත් පහසුකම් සැළසීම කෙරෙහි බලධාරීන් මැදිහත් වීමය.ලෝකයේ දක්ෂයන් නිර්මාණය වි ඇත්තේ ඔවුන්ට ක්‍රීඩාව සඳහා නිදහස් පරිසරයක් සකස් කර දී ඔහුගේ අනෙකුත් පහසුකම් සම්පාදනය කිරීම කෙරෙහි බලධාරීන්ට වැඩ පිළිවෙලක් තිබුණ අවස්ථාවලය.තෙහාස්ගෙන් රැකෙන්නේ නැතුව තෙහාස්ව රකින්නට සියලු වගකිවයුත්තන්ට රට වෙනුවෙන් බුද්ධිය පහළ වේවා යන්න අපේ පැතුමය.

මේ අතර අවධානයෙන් ගිලීහී ගිය කරුණු වන්නේ මේ තරගාවලියට සහ්භාගි වූ අනෙක් ක1ිඩකයින් දැක් වූ දස්කම්ය. කොළඹ මියුසියස් විද්‍යාලයේ චෙනායා ඒකරත්න ගේ දක්ෂතාවය ය.ඇය මේ තරගාවලිය අවුරුදු 13 න් පහළ බාලිකා අංශයෙන් තරග වැද නවවන ස්ථානයට පත් විය.ඇය තරග ආරම්භයේ ශ්‍රේණිගත කිරීම්වල 24 වන තැන සිට තරගාවලිය නිම වන විට නවවන ස්ථානය දක්වා ඉහළට ආවාය.ඇය සමස්ත තරගාවලියේ ලකුණු 51/2 ක් ලබා ගත්තාය.

එමෙන්ම අවුරුදු 7 න් පහළ බාලිකා අංශයෙන් තරග වැදි හසිනි අනුත්තරා ආරම්භයේ දි 23 වන තැන සිට තරගාවලිය නිමා වන තැන 8 වන ස්ථානය දක්වා ඉහළට පැමිණියාය.ඇය ලැබූ ලකුණු ප්‍රමාණය 5.5 ක් විය.එසේම අවුරුදු 7 න් පහළ තරග නියෝජනය කළ දුල්නෙත් ප්‍රනාන්දු ද තරගාවලිය නිමා කළේ ආරම්භයේදී ශ්‍රේණිගත් කිරීම්වල 12 වන තැන සිට අවසානයේ දහවන ස්ථානය දක්වා ඉහළට එමින්ය.
අවුරුදු 11 න් පහළ තරග නියෝජනය කරමින් මෙම තරගාවලියට සඳරු ජයසූරිය සහ සනුක් නානායක්කාර ද එක් වූහ.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan