RM Parks – Shell මෙරට මෙහෙයුම් ඇරඹීමට දින නියම වෙයි

Date:

RM Parks – Shell සමාගමේ නිලධාරීන් සහ බලශක්ති අමාත්‍යාංශය ඇතුළු ආයතනවල නිලධාරීන් අතර හමුවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ පෙරේදා (25) දිනයේදී පවත්වා ඇති අතර එහිදී මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එහිදී මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමට වෙන් කර ගැනීමට සහ ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය පල කර ඇත.

එමෙන්ම එම සමාගමේ තාක්ෂණික නිළධාරීන් පසුගිය සතියේ තොග ගබඩා පර්යන්තයේ සිදු කල සංචාරයේදී නිරික්ෂණය කල නැව් ගොඩ බැමේදී ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය පහසුකම් ඔවුන්ගේ මුල්‍ය ආයෝජනය තුල මැයි මාසය තුල නවීකරණය කිරීමටද සහය පල කර තිබිණි.

මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...