යුක්රේන නගර කිහිපයකට රුසියානු මිසයිල ප්‍රහාර

Date:

රුසියාව විසින් එල්ල කරන ලද මිසයිල රැල්ලකින් කියෙව් අගනුවර ඇතුළු යුක්රේන නගර කිහිපයකටම හානි සිදුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රාදේශීය නගරාධිපතිට අනුව ඩිනිප්‍රෝ නගරයේ කාන්තාවක් සහ දරුවන් තිදෙනෙකු මියගොස් ඇති අතර උමාන්හි මහල් නිවාස රැසකට හානි සිදු වී ඇත. ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ක්‍රෙමෙන්චුක් සහ පොල්ටාවා නගරවල ද පිපිරීම් වාර්තා වන අතර කියෙව් විසින් මිසයිල 11ක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් බිම හෙළා ඇති බව ද වාර්තා කෙරේ.

මේ වන විට පුද්ගලයන් පස් දෙනෙක් රෝහල් ගත කර ඇති බව වාර්තා වන අතර අනෙකුත් හානීන් ගණනය කර නොමැත.

සටහන -සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...