ජනපතිගේ නිවසට ගිනිතැබීම – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සැකකරුවකු ලෙස නම්කෙරේ

2022 ජුලි 09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් ගිනිතැබීමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා සැකකරුවකු ලෙස නම්කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව ඊයේ (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව මැයි 03 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

2011 වසරේදී වව්නියාව ප්‍රදේශයේ මාරක රිය අනතුරක් සිදුකිරීමේ නඩුවෙහි සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත ජේ. ශ්‍රී රංගා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

RN