රාජිත සෞඛ්‍ය ඇමතිකම භාරගන්නවාද? නැද්ද? තීරණය මෙන්න! (VIDEO)

Date:

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශාල විෂමාචාර රැසක් සිදුවෙමින් තිබෙන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

තමන් සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ මුදල් ආරක්ෂා කළ නමුත් අද දවස වෙද්දී ඉතාම විශාල ලෙස විෂමාචාර සිදුවන බවයි සේනාරත්න මහතා පැවසුවේ.

විෂමාචාර එලෙස සිදුවන විට අනෙක් පසින් වෛද්‍ය හිඟය උත්සන්න වී තිබෙන අතර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 60 දක්වා අඩු කළහොත් එම අර්බුදය තවත් උත්සන්න වෙන බවද හෙතෙම කියාසිටියේය.

පවතින තත්ත්වය යටතේ ඉදිරියේදී ඉතාම නරක තත්ත්වයක් ඇතිවන බවත් එය තමන් උපදේශන කාරක සභාවේදී ද පැවසූ බවත් සේනාරත්න මහතා ප්‍රකාශ කරන ලදී.

”ඒ අනුව මුළු සෞඛ්‍ය පද්ධතියම කඩාගෙන වැටෙනවා. මෙතැනදී මුළු රෝහල් පද්ධතියම කඩාගෙන වැටෙනවා. රෝහල් තුළ මිනිස්සු මියයන්න පටන් ගන්නවා. මෙතැනදී රෝහල් තුළ කැරළි වුණත් ඇතිවෙන්න පුළුවන්. රටේ තිබෙන මූල්‍ය අර්බුදය වගේම සෞඛ්‍ය අර්බුදයකුත් ඇතිවීමට නියමිතයි. ”

මෙහි පවතින ඛේදවාචකය වන්නේ 2019 වන විට ලොව ඉහලින් තිබුණු සෞඛ්‍ය සේවයක් මෙරට තුළ තිබීම බවද හෙතෙම කියා සිටියේය.

කෙසේවෙතත් කඩා වැටෙමින් තිබෙන සෞඛ්‍ය පද්ධතිය යළි නැංවීම වෙනුවෙන් යෝජනාවක් තමන්ට පැමිණ නැති බවත් එවැනි යෝජනාවක් ආවත් මෙරට පවතින දේශපාලන සංස්කෘතිය අනුව සහයෝගයෙන් වැඩකිරීමේ හැකියාවක් නොමැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...