රාජිත සෞඛ්‍ය ඇමතිකම භාරගන්නවාද? නැද්ද? තීරණය මෙන්න! (VIDEO)

Date:

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශාල විෂමාචාර රැසක් සිදුවෙමින් තිබෙන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

තමන් සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ මුදල් ආරක්ෂා කළ නමුත් අද දවස වෙද්දී ඉතාම විශාල ලෙස විෂමාචාර සිදුවන බවයි සේනාරත්න මහතා පැවසුවේ.

විෂමාචාර එලෙස සිදුවන විට අනෙක් පසින් වෛද්‍ය හිඟය උත්සන්න වී තිබෙන අතර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 60 දක්වා අඩු කළහොත් එම අර්බුදය තවත් උත්සන්න වෙන බවද හෙතෙම කියාසිටියේය.

පවතින තත්ත්වය යටතේ ඉදිරියේදී ඉතාම නරක තත්ත්වයක් ඇතිවන බවත් එය තමන් උපදේශන කාරක සභාවේදී ද පැවසූ බවත් සේනාරත්න මහතා ප්‍රකාශ කරන ලදී.

”ඒ අනුව මුළු සෞඛ්‍ය පද්ධතියම කඩාගෙන වැටෙනවා. මෙතැනදී මුළු රෝහල් පද්ධතියම කඩාගෙන වැටෙනවා. රෝහල් තුළ මිනිස්සු මියයන්න පටන් ගන්නවා. මෙතැනදී රෝහල් තුළ කැරළි වුණත් ඇතිවෙන්න පුළුවන්. රටේ තිබෙන මූල්‍ය අර්බුදය වගේම සෞඛ්‍ය අර්බුදයකුත් ඇතිවීමට නියමිතයි. ”

මෙහි පවතින ඛේදවාචකය වන්නේ 2019 වන විට ලොව ඉහලින් තිබුණු සෞඛ්‍ය සේවයක් මෙරට තුළ තිබීම බවද හෙතෙම කියා සිටියේය.

කෙසේවෙතත් කඩා වැටෙමින් තිබෙන සෞඛ්‍ය පද්ධතිය යළි නැංවීම වෙනුවෙන් යෝජනාවක් තමන්ට පැමිණ නැති බවත් එවැනි යෝජනාවක් ආවත් මෙරට පවතින දේශපාලන සංස්කෘතිය අනුව සහයෝගයෙන් වැඩකිරීමේ හැකියාවක් නොමැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...