පිටි මිල ඉහළ යන ලකුණු

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක ආනයන බද්ද රුපියල් දහතුනකින් (රු.13.00) ඉහළ දැමීම නිසා පිටිවල තොග මිල ඉහළ යන බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ උපදේශක පී.එම්. අබේසේකර පවසයි.

පසුගිය අප්‍රේල් 29 දින මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගර ලේකම් ඩබ්ලිව්. ඒ. සරත් කුමාර නිකුත් කළ චක්‍රලේඛයට අනුව පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් දහතුනකින් පමණ ඉහළ යා හැකි අතර , මෙතෙක් පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 195ක පමණ අගයක පැවැතිණි.

එහෙත් තිරිගු ඇට ආනයනය කර පිටි බවට පත් කිරීමේදි මෙම නව තීරුබදු ඊට යටත් නොවන අතර පිටි කර ආනයනය කරනු ලබන තිරිගු පිටි සඳහා මෙම තීරුබදු ඉහළ දැමීම නිසා යළිත් පිටි එකාධිකාරයක් ආරම්භ වන බව තොග වෙළෙන්දෝ පවසති.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...