*
Monday, September 30, 2024
spot_img

Latest Posts

කන්ද උඩ රටින් වාර්තාගත පියැඹීම් දෙකක්

මැයි හය වෙනිදා (ඊයේ) ඇරඹි ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනය නිමාවේ උළෙල වාර්තා දෙකක් අලුත් වී තිබුණා.එම වාර්තා දෙකම මහනුවර බාලිකා විද්‍යාලවල මේ වන විට සංජීව වීරක්කොඩි යටතේ පුහුණුව ලබන සිසුවියන් විසින් වාර්තා කිරීම කැපී පෙණුනා.එසේම එම වාර්තා දෙකම මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් වාර්තා වීමත් කැපී පෙණුනා.
තාක්ෂණික ඉසව්වක් වන යම් ආකාරයක පියැඹීමක ස්වරූපයක් ගන්නා කඩුලු මතින් දිවීමේ මීටර් 100 ඉසව්වේ අවුරුදු 20 න් පහළ වාර්තාවට හිමිකම් කීවේ මහනුවර මහමායා විද්‍යාලයේ දහම්සා කහන්ගමයි.ඇය මහනුවරම උසස් බාලිකා විද්‍යාලයේ අමීශා හෙට්ටිආරච්චි තත්පර 14.81 ක් වාර්තා කරමින් තබා තිබූ අවුරුදු 20 න් පහළ උළෙල වාර්තාව තත්පර 14.45 ක් දක්වා ඉදිරියට රැඟෙන යන්නට සමත් වුණා.

මහනුවර ස්වර්ණබාලිකා විද්‍යාලයේ නම වාර්තා පොත් අතරට එකතු කරමින් මීටර් 100 කඩුලු ඉසව්ව තත්පර 14.51 න් නිමා කරන්නට සමාධි දිසානායක සමත් වුණා.ඇය අතරින් බිදි ගියේ උළෙල වාර්තාව ලෙස කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවේ හර්ෂනී විජේසිංහ සතුව පැවති තත්පර 14.53 ක් වූ වාර්තාවයි.
උළෙලේ පවතින වාර්තාවන්ට බොහෝ පසුපසින් ඉසව්වල ජයග්‍රහණ සටහන් වීම කණගාටුවට කරුණක්.එය පුහුණුවේ හෝ හැකියාවේ ප්‍රශ්නයක්ම නොවන සමහර කළකිරීම් සහගත සිදුවීම් නිසා ද සිඳු විය හැකි තත්ත්වයක්.එසේම ක්‍රීඩාවට යොමු වීම සහ ඒ වෙනුවෙන් කැපවීමට දරුවන්ට දෙමව්පියන් මේ ගෙවෙන මොහොතේ ඉඩ දීම සිඳුවන්නේ ද ඉතා අඩුවෙන් වීමත් දක්ෂතා පහළ වැටිමට යම් ආකාරයකින් බලපා තිබෙනවා.
මෙවැනි වටි පිටාවක ඊයේ ගෙවුණු ඉසව් අතර අවුරුදු 20 න් පහළ උස පැනීමේ ඉසව්වේ දී වාර්තා වූ රනින්දි පෙහන්සා ගමගේ ගේ දක්ෂතාවයත් ඉහළින් තැබිය හැකි එකක්.ඇය මීටර් 1.70 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.නමුත් ඇයට තර්ජනයක් දිය හැකි සහ ජයග්‍රහණයේ උස ප්‍රමාණය ඊට වඩා එම තරගකාරීත්වය තුළින් ඉදිරියට ගෙන යා හැකි ක්‍රීඩිකාව වන සිතුලි සාදිත්‍යා ඊයේ තරගයට ඉදිරිපත් වුණේ නැහැ.

ඒ බොහෝ විට ක්‍රීඩකයින්ට ආමන්ත්‍රණය කරන්නට නෙදන්නා බලධාරීන්ගේ හැසිරීමෙන් සිත් රිදීම් සහිතවයි.ජාත්‍යන්තර තරග පවා නියෝජනය කර ඇති ඇය බොහෝ විට යළි ක්‍රීඩා පිටියේ නොදකින්නට ඇති ඉඩ වැඩියි.අලුත් දක්ෂයන් සොයා යා යුතුව ඇති වටපිටාවක අපහසුකම් දරා ගෙන ක්‍රීඩාවට පිවිසෙන දක්ෂයන්ද අහිමි කර ගැනිමට බලධාරීන්ගේ සංයමයකින් තොර භාෂණය බලපෑම කණගාටුදායක තත්ත්වයක් වන අතර රනින්දි සහ සිතුලි අතරින් වඩා දක්ෂයාට ජය හිමි විය හැකි ඉහළ තරගකාරීත්වයක් ඊයේ එම තරගයට අහිමි වී යාම ගැන බලධාරීන් වගකිව යුතුයි.

ක්‍රීඩාවකදී කැමති පුද්ගලයන් සහ කැමති වෘත්තීය කරන ස්ථාන ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ක්‍රීඩාව මෙහෙයවීම කලෙක සිට සිඳුවන දෙයක්.ඒ නිසා ජාතිකමය වශයෙන් මලල ක්‍රිඩාව සම්බන්ධයෙන් දෘෂ්ඨිමය අවුලක මලල කීඩා සංගමය පසුවෙනවා.එයට එක් පුද්ගලයෙක් නොවි සමස්ත මලල ක්‍රීඩා සංගමයම වගකිව යුතුයි.නිහඬතාවය වඩාත් දරුණු අනුබල දීම බව අපේ විශ්වාසය වන බැවින් යමෙකුට මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට සහ ඔහුට රිසි පරිදි හැසිරිමට දෙන ඉඩ සම්බන්ධයෙන් වැඩිම වගකීම දැරිය යුත්තේ එහිදි නිහඬව හිස සලන අයයි.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan