මිටිය පිටිය හොල්ලපු දවසක්

ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ තෙවන දිනයේ වාර්තා පොතට එක් වූ නව වාර්තා දෙකම මිටිය වීසි කිරීමේ ඉසව්වෙන් වාර්තා වීම කැපී පෙණුනා.අවුරුදු 18 න් පහළ සහ 23 න් පහළ කාන්තා ඉසව් වලදී නව වාර්තා බිහි වුණා.එහිදී අවුරුදු 18 න් පහළ මිටිය වීසි කිරීමේ වාර්තාව හිමි වුණේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ යුත්රා ලින්දුලි ජයවිරට යි.ඇය මීටර් 34.45 ක් දුර මිටිය විසි කර ශානිකා සමන්මලී පිහිටුවා තිබුණ වාර්තාව සියතට ගත්තේ මිටිය මීටර් 36.79 ක් දුරට මිටිය වීසි කිරීමෙන්.

අවුරුදු 23 න් පහළ මිටිය වීසි කිරීමේ වාර්තාව හිමි වුණේ මාතර යටියන විද්‍යාලයේ නිතින්සා මන්දිනීට යි.ඇය මිටිය මීටර් 40.00 දුරට මිටිය වීසි කරමින් එම ඉසව්වෙන් නව වාර්තාවක් තබන්නට සමත් වුණා.ඇය අතින් බිඳ වැටෙන්නේ වත්මන් ජාතික වාර්තාව වන මීටර් 48.76 ක් දුරට 2017 දී මිටිය වීසි කළ ඒඩබ්ලිව්ඒඑස්එම් අමරසිංහ 2013 දී අවුරුදු 23 න් බහළ ඉසව්වේදී මීටර් 36.77 ක් දුර මිටිය වීසි කර තැබූ වාර්තාවයි.

දවසේ වාර්තා වූ උළෙල වාර්තා දෙකම පිටිය ඉසව් වන මිටිය විසි කිරීමෙන් වාර්තා වෙද්දී පිටියේ පැනීම් ඉසව්වලට අයත් වන දුර පැනීමේ අවුරුදු 20 න් පහළ ඉසව්ව නියෝජනය කළ නෙත්මිකා හේරත් මීටර් 6.06 ක දක්ෂතාවයක් දැක්වීමත් කැපී පෙණුනා.අවාසනාවකට එය වාර්තාවන් සඳහා සළකා බැලිය නොහැකි අන්දමෙන් ඇයගේ එම විශිෂ්ඨ පිමිම මොහොතේ + 2.6 ක සුළඟක් ඇයට වාසිදායක ලෙස පැවතුණා.එම ඉසව්වේ මීටර් 6.06 ක් ලෙසම 1998 දී අනෝමා සූරියආරච්චි පිහිටුවා තිබෙන වාර්තාව මේ නිසා සම කිරීමේ නිල පිළිගැනීම දිනා ගන්නට නෙත්මිකා අපොහොසත් වුණා.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...