එක්ස්ප්‍රස් පර්ල් අනතුර ගැන පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මඟට!

Date:

කොළඹ LNW:එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් සිදුවූ පරිසර හානිය ලෙස සැලකෙන ඩොලර් බිලයන 6.4ක් වන මුදල ගෙවන ලෙස එහි රක්ෂණ සමාගම වන P & I රක්ෂණ සමාගමට හා එක්ස්ප්‍රස් පර්ල් නැව් හිමිකාර සමාගමට නියෝග කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය මානව හිමිකම් නඩුවක් ගොණු කර තිබේ.

මෙම අනතුරට සහ එහි හානිපූරණයට වගකිවයුතු රාජ්‍ය සහ වෙනත් ආයතනවල වගඋත්තරකරුවන්ට තමන්ගේ වගකීම ඉටු කරන ලෙස නියෝගකරන ලෙස ද පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පෙත්සම්කරුවන් ඔවුන්ගේ පෙත්සමෙන් ඉල්ලා ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) විසින් මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර හේතුවෙන් එහි සුන්බුන් මඟින් අවට සමුද්‍ර පරිසරයේ අධික දූෂණයක් ඇති බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය එම්.එම්. පත්මලාල් මහතාගේ සහයෝගයෙන් 2021 ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා ස්ථාන 11ක ජලය සහ සත්ව සාම්පල මත පදනම්ව මෙම පර්යේෂණය සිදු කර ඇත.

එම සාම්පලවල තිබී ඊයම්, සින්ක්, තඹ සහ නිකල් වැනි බැර ලෝහ සමඟ තෙල් සහ ග්‍රීස් නැව අවට තිබී ඇත. එම බැර ලෝහ මුහුදු ගොළුබෙල්ලන්, ඉස්සන්, සාඩින් සහ හුරුල්ලන් වල මිනිස් පරිභෝජනයට අනුමත මට්ටමට වඩා වැඩි බව සොයාගෙන තිබේ.

කුඩා ප්‍රමාණවලින් වුවද මෙම රසායනිකය හානිකර වන අතර නැව ගිලී යාමෙන් සිදුවන පරිසර දූෂණය අසල්වැසි ධීවර ප්‍රජාවන්ට ඔවුන්ගේ මත්ස්‍ය පරිභෝජනය හරහා අහිතකර ප්‍රතිවිපාක ඇති කරනු ඇති බවද පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ හින්දු කෝවිලක තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ්...

විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතිනවා – අතිඋතුම් කාදිනල් හිමිපාණන්

රෂිකා හෙන්නායක ජූලි 27,කොළඹ LNW : බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ...

මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට ඔයිටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් ඕනෑ. හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෑ – ඇමති ලාල්කාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව...

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...