ණය ප්‍රතිව්‍යූහගත කරන්න අදාළ නිල ණය හිමි කමිටුවක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ නිල ණය හිමි කමිටුවක් පිහිටුවා ඇති බව පැරිස් සමාජය නිවේදනය කර තිබේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ පළමු රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති අතර එහිදීයි එම තීරණය ගෙන ඇත්තේ.

ණය හිමි රටවල් 17 ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා තිබේ. එහි ප්‍රධානත්වය දරන්නේ ඉන්දියාව, ජපානය හා ප්‍රංශයයි.

පළමු රැස්වීමට ශ්‍රී ලංකා බලධාරීන්ද එක් ව ඇති අතර එහිදී ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ නිල ඉල්ලීම ඔවුන් ඉදිරිපත් කරනු ඇත.

මෙම නිල සාකච්ඡාවට චීනයද සහභාගී වී තිබේ.

මේ අතර චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වනේබින් මහතා ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී චීන මූල්‍යාධාර සදහා උපරිම සහාය ලබා දෙන ලෙසයි.

ඊට අදාළව ස්ථිර විසඳුමකට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතාවක නිරත වන බවද ඔහු පවසා තිබේ.

පවතිනා රතික අවපාතයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට සිදුව ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...