ඇමතිනී පවිත්‍රාගේ විදෙස් ගමන් තහනම ඉවතට

0
215

අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය ඇතුළු තිදෙනෙකුට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියම කර තිබේ.

2022 මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිදුවීමට අදාළව පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කාංචන ජයරත්න යන අයටත් පනවා තිබුණු විදෙස් ගමන් තහනම මෙසේ ඉවත් කෙරිණි.

ඒ, මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

RN